ගනේමුල්ල සංජීවගේ ගෝලයකුගේ නිවසකින් ලක්ෂ 22කට අධික මුදලක් හමුවෙයි

රැඳවුම් නියෝග මත වීරගුල පොලිස් ස්ථානයේ රඳවා සිටින ගනේමුල්ල සංජීවගේ ප්‍රධාන ගෝලයෙකු වන දැනට විදේශගතව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන පැට්ටා මංජු නම් පුද්ගලයාගේ සමීපතමයෙකුගේ නිවසක සඟවා තිබී රුපියල් ලක්ෂ 22කට අධික මුදලක් සොයාගෙන තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කළ මෙහෙයුමකදී යි ඉතා සූක්ෂම ලෙස නිවසේ බංකරයක සඟවා තිබූ මෙම මුදල් සොයාගෙන ඇත්තේ.

පරීක්ෂා කරන ලද නිවසේ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු සිට ඇති අතර කාන්තාවගේ ජංගම දුරකථන පරීක්ෂා කිරීමේදී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා මුදල් මොවුන් හරහා සංසරණය වන බවට අනාවරණය වීමෙන් පසුව නිලධාරීන් නිවස වැඩිදුරටත් සෝදිසි කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් කාන්තාව කෙහෙල්බද්දර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29ක පමණ අයෙක්.

ඔවුන් සම්බන්ධ වී ඇති මත්ද්‍රව්‍ය ජාලය අනාවරණ කර ගැනීම සඳහා මෙම සැකකාර කාන්තාව රැඳවුම් නියෝග මත රඳවාගෙන වැඩිදුර විමර්ශන සිදුකරන බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02