නේපාලයේ සහ ටිබෙටයේ ඇතැම් ප්‍රදේශවලට ඇති වූ හදිසි ගංවතුරෙන් අතුරුදන් වූ සංඛ්‍යාව 2,000කට ආසන්න බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ග්ලැසියර නාය යාමක් හේතුවෙන් ඇති වූ දැවැන්ත ජාල ප්‍රවාහයක් හේතුවෙන් පසුගිය බදාදා උදෑසන මෙම අවාසනාවන්ත ඛේදවාචකය සිදුව තිබුණා.
මෙම හදිසි ගංවතුර හේතුවෙන් නේපාලයේ පුද්ගලයින් 579 දෙනෙකු මියගොස් ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.
එමෙන්ම මෙම ඛේදවාචකයට මුහුණ පෑ ටිබෙටයේ අවම වශයෙන් පුද්ගලයින් හත්දෙනෙකු මිය ගොස් ඇති අතර, 554 දෙනෙකු තවමත් අතුරුදහන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ අතර ඇති වූ හදිසි තත්ත්වය පිළිබඳව චීන ජනාධිපති ෂී ජින් පිං,නේපාල අග්‍රාමාත්‍යවරයා වන රාම් චන්ද්‍ර පෝඩෙල්ට සිය ශෝකය පළ කර තිබෙනවා.
මෙම ව්‍යසනයෙන් හැකි ඉක්මනින් මිදීමට සහ ඔවුන්ගේ නිවාස නැවත ගොඩනඟා ගැනීමට දෙරටේ ජනතාව නිසැකවම අත්වැල් බැඳගනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි ෂී ජින් පිං ජනාධිපතිවරයා පවසා ඇත්තේ.
මේ අතර යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන් නිවේදනය කර ඇත්තේ යුරෝපය නේපාලයට ක්ෂණික මානුෂීය ආධාර සඳහා යුරෝ මිලියන 02ක් වෙන්කර ඇති බවයි.
එමෙන්ම කැනඩාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා නේපාල රතු කුරුස සංගමයට ඩොලර් මිලියන 5 ආධාරයක් ප්‍රකාශයට පත් කර ඇති අතර,නවසීලන්තය පවසන්නේ නේපාල රතු කුරුස සංගමයට ඩොලර් මිලියනයක සහ අනෙකුත් ආධාර කණ්ඩායම් සඳහා තවත් නවසීලන්ත ඩොලර් මිලියන 01ක පරිත්‍යාගයක් සිදුකරන බවයි.
මීට අමතරව ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා පවසන්නේ මානුෂීය ආධාර ටොන් 10ක් රැගත් තුන්වන ගුවන් ගමනක් නේපාලය රටින් පිටත්ව ගොස් ඇති බවයි.













