ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය අද (10) පෙරවරුවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානය ඉදිරිපිට නිහඬ විරෝධතාවක් සංවිධාන කර තිබුණා.
පෞද්ගලික ආයතනවලට අයත් ඉන්ධන පිරවුම්හල් සඳහා ඉන්ධන සැපයීම අඛණ්ඩව ලබාදෙන ලෙස බලකරමින් ඔවුන් මෙම නිහඬ විරෝධතාවය පවත්වනු ලැබුවා.
ඉන්ධන මිල සූත්‍රය නියාමනය කිරීම සඳහා නිසි බලධාරියෙකු පත් කරන ලෙසට ද ඔවුන් මෙහිදී ඉල්ලා සිටි අතර, 3.6%ක්ව පැවති කොමිස් මුදල 1.5%ක් දක්වා අඩු කිරීමට ඛනිජ තෙල් බෙදුම්කරුවන් මෙහිදී සිට විරෝධය දක්වා සිටියා.










