ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ දත්ත මකාදමා ඇති බව හෙළිවෙයි (වීඩියෝ)

ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ ඉන්ධන ගබඩා කිරීම සහ ඉන්ධන බෙදාහැරීම් සම්බන්ධ දත්ත මකා දමා ඇති බවට හෙළි වී තිබෙනවා.

ඒ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ කටයුතු සම්බධයෙන් සිදුකළ වෝහාරික විගණනයකදීයි.

ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ ඉන්ධන ගබඩා කිරීම සහ ඉන්ධන බෙදාහැරීම් සම්බන්ධයෙන් සිදුකල මෙම වෝහාරික විගනනයේ මූලික වාර්තා ඊයේ (15) සවස තමා වෙත ලැබුණු බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසුවා.

මෙම වෝහාරික විගනනය සිදු කෙරුනේ 2022 වර්ෂයේ තමා විසින් අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුවට සිදු කළ පැමිණිල්ලකට අනුව බවයි විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා කියා සිටියේ.

කේ.පී.එම්.ජී නම් ජාත්‍යන්තර විගණන ආයතනය සහ ලංකා තෙල් ගබඩා පර්යන්තයේ අභ්‍යන්තර විගණන අංශය එක්ව මෙම පරීක්ෂණය සිදුකර තිබුණා.

මෙම පරීක්ෂණයට අදාලව මේ වන විට අනාවරණය කරගෙන ඇති තොරතුරුවලට අනුව 2022 වසරේ සිදු කළ පැමිණිල්ලෙන් පසු සමාගමේ දත්ත මකා දැමීමක් හෝ වෙනස් කිරීමක් සිදුව ඇති බවට හෙලිවී තිබෙනවා.

මෙම පරීක්ෂණය මගින් හෙළි වී ඇත්තේ 2022 වර්ෂයේ ඉන්ධන තොග පවත්වාගෙන යාමේ සහ ගබඩා කිරීමේ අලාභය රුපියල් බිලියන 28 ක් ලෙසයි.

නමුත් 2023 වසර වන විට එය රුපියල් බිලියන හතරක් දක්වා අඩුවී තිබෙනවා.

කෙසේ වෙතත් මෙම මෙහෙයුම් පැරණි චක්‍රලේඛ සහ රෙගුලාසි මත සිදුවන බවත් ඒ සම්බන්ධයෙන් ප්‍රමාණවත් දත්ත සහ තොරතුරු නොමැති බවත් නිරීක්ෂණය වී තිබෙනවා.

මේ අතර විගනනය සම්බන්ධ සම්පූර්ණ පරීක්ෂණ වාර්තාව එළඹෙන සතියේ දී කේ.පී.එම්.ජී ආයතනය විසින් ලබාදීමට නියමිත බවටයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

එය ලැබුනු පසු එම සම්පූර්ණ වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී අවශ්‍ය ඉදිරි නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවත් වැරදිකරුවන්ට තරාතිරම නොබලා දඬුවම් කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

ඊට අමතරව අවශ්‍ය ඉදිරි කටයුතු වෙනුවෙන් මෙම වෝහාරික විගණන වාර්තාව කැබිනට් මණ්ඩලයට, පාර්ලිමේන්තුවට, විගණකාධිපති දෙපාර්තමේන්තුවට සහ නීතිපති දෙපාර්තමේන්තුවටත් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

WhatsApp Image 2024 02 16 at 10.45.32 1
WhatsApp Image 2024 02 16 at 10.45.32
WhatsApp Image 2024 02 16 at 10.45.31 2
WhatsApp Image 2024 02 16 at 10.45.31 1
WhatsApp Image 2024 02 16 at 10.45.31
WhatsApp Image 2024 02 16 at 10.45.30 1
WhatsApp Image 2024 02 16 at 10.45.30
WhatsApp Image 2024 02 16 at 10.45.29


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අත්පත් කරගත් ආර්ථික ජයග්‍රහණ ගමට තල්ලු කළ යුතුයි - බිඳ වැටුණු ව්‍යාපෘති විශාල අවුල් ජාලාවක්
09:56
Video thumbnail
අද පැවිදි වෙන අයට වඩා සිවුර අරින අය වැඩියි - උදාර වැඩපිළිවෙලක් කිරීම රජයේ ඉතාම කාලෝචිත ක්‍රියාවක්
07:19
Video thumbnail
22 ගැන කට ඇරපු ක්‍රීඩා ඇමති - එක කණ්ඩායමකගේ අතේ තියෙන දේපළ වෙලා
04:23
Video thumbnail
හිටපු පාලකයින් හිටවපු ගස් කපලා අලුත් ගස් හිටවන දඹුල්ලේ නගරාධිපති - ප්‍රජාව අපිට චෝදනා කළා
02:05
Video thumbnail
22 වන සංශෝධනයට එරෙහිව ලිබර්ටි වට රවුමේ විරෝධතාවක් - ආණ්ඩුව ජනවරමට පටහැනිව ක්‍රියා කරන්නේ
03:09
Video thumbnail
මේක ජනතාවගේ ආණ්ඩුවක් - අපේ පෞද්ගලික ආණ්ඩුවක් නෙවෙයි..ඔවුන්ගේ පන්නයේ මැති ඇමතිලා නෙවෙයි මේ
03:23
Video thumbnail
රාත්‍රී තැපැල් දුම්රිය කිහිපයක්ම අවලංගු කරයි - මගීන් අමාරුවේ දාන්නේ රාජ්‍ය නිලධාරින්
04:46
Video thumbnail
අපේ දෑත් පිරිසිදුයි, අපේ හදවත පිරිසිදුයි
00:25
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි
01:02
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි.. කොහේ ගියත් වැඩක් නෑ
01:06