spot_imgspot_img

කෝටි 30 ක වාලම්පූරියක් සොයාගැනේ

වාලම්පුරියක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අද පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම වාලම්පුරිය සමග සැකකරු අත් අඩංගුවට ගෙන ඇත්තේ පානදුර පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මතයි.

අදාළ වාලම්පුරියෙහි මිල රුපියල් කෝටි 30කට අධික බවටත් වාර්තා වනවා.

මෙම වාලම්පුරිය විකිණීමට සූදානම්වීමේ දීයි අත්ඩංගුවට ගැනුණේ.

සැකකරු මාලඹේ – අරංගල ප්‍රදේශයේ පදිංචි මූර්ති ශිල්පියෙක් බවටත් හෙළි ව තිබෙනවා.

මෙය මහනුවර ප්‍රදේශයේ සුප්‍රසිද්ධ විහාරස්ථානයක හිමි නමකට අයත් එකක් බවත්; අතරමැදියෙකු ලෙස කටයුතු කරමින් සැකකරු මෙම වාලම්පුරිය ලබාගෙන ඇති බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

කශේරුකාව රහිත දුර්ලභ ගණයේ වඳවීගෙන යන සත්ත්ව විශේෂයකට අයත් වාලම්පුරියක් ලෙසටයි මෙය හඳුනාගෙන ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?