කොළඹ ප්‍රදේශ රැසකට පැය 18ක් වතුර නැතිවෙයි

හෙට (07) සහ අනිද්දා (08) යන දෙදින තුළ කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කරනවා.

ඒ අනුව හෙට (07) රාත්‍රී 10.00 සිට ඉරිදා (08) පස්වරු 04.00 දක්වා පැය 18ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.

කොළඹ 01, 02, 03, 04, 07, 09, 10 සහ 11 යන ප්‍රදේශවල අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?