කොළඹ දිස්ත්‍රික්කයේ ගැටලු රැසකට විසඳුම්

කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අද (16 දා) කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්වුණා.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමට ප්‍රවාහන මහමාර්ග , වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක, කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ලක්ෂ්මන් නිපුනාරච්චි, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් පාලන ආයතන නගරාධිපතිවරුන් හා සභාපතිවරුන් සහ රාජ්‍ය ආයතන නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීන් එක්ව සිටියා.

එහිදී කොළඹ දිස්ත්‍රික්කයට අදාල සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පවතින ගැටලු පිළිබඳව සාකච්ඡාවට ගැනුණා.

එමෙන්ම අද දිස්ත්‍රික් කමිටුවේදී කොළඹ දිස්ත්‍රික්කයට අදාළව ප්‍රවාහන, මහමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘති පිළිබඳව විශේෂ අවධානයක් යොමුවුණා.

එහිදී මේ වන විට සිදුකරමින් පවතින “පුනරුද මඟ” ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘතියය පිළිබඳව අවධානය යොමු කෙරුණු අතර, මාර්ග සංවර්ධනයේ ප්‍රගතිය පිළිබඳව ද සමාලෝචනයක් සිදු කෙරුණා.

දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘති පිළිබඳවත්, ආබාධිත පුද්ගලයන්ට හා වයස්ගත දුම්රිය ස්ථානයන්ට හා දුම්රියට පහසු ප්‍රවේශයක් සැලසීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමුවුණා.

එමෙන්ම මෙහිදී කොලොන්නාව කිත්තම්පහුව මාර්ගයේ සංවර්ධන කටයුතුවල මතුව ඇති ගැටළුව පිළිබඳව කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් ප්‍රියනාත් පෙරේරා මහතා විසින් කරුණු ඉදිරිපත් කළ අතර, කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ලක්ෂ්මන් නිපුණාරච්චි පැවසුවේ, එම මාර්ගයේ ස්ථානය පරීක්ෂාවක් කඩිනමින් සිදුකර වාර්තාවක් ලබා දෙන ලෙසයි.

ස්ථානීය පරීක්‍ෂාවේ වාර්තාව ලබාදෙන තුරු ම ව්‍යාපෘතියට අදාළ මුදල් නිදහස් නොකරන ලෙස ද සභාපතිවරයා ප්‍රකාශ කළා.

එමෙන්ම ග්‍රාමීය පාසල් හා යූත් ක්ලබ් සඳහා ක්‍රීඩා යටිතල පහසුකම් ලබාදීමේ වැඩසටහනේ මතුව ඇති ගැටලු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. ඒ පිළිබඳව අදහස් දක්වමින් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍යය එරංග ගුණසේකර පැවසුවේ ඊට අදාළ නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවයි. එම චක්‍රලේඛය ඉදිරි දින කිහිපය තුළදී නිකුත් කිරීමට නියමිත බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියා.

කොළඹ දිස්ත්‍රික්කය තුළ යූත් ක්ලබ් 150ක් සඳහා ක්‍රීඩා උපකරණ ලබාදීමට නියමිත බවත්, ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ අනුමැතිය ලබාදීමෙන් පසු එම ක්‍රීඩා උපකරණ ලබාදීමේ කටයුතු සිදුකෙරෙන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ විෂය පථයන්ට අදාළව අනුකමිටු පත්කිරීම ද මෙහිදී සිදුකෙරුණි. ඒ අනුව ආරක්ෂක අනුකමිටුව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42