කොළඹ ජනප්‍රිය පාසලක සිකියුරුටි සිසුන් තිදෙනෙක්ව අපයෝජනය කරලා – ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිල්ලක්

කොළඹ මහානාම විද්‍යාලයේ සිසුන් තිදෙනෙක්, පාසලේ ආරක්ෂක අංශයේ නිලධාරියෙකු විසින් අපයෝජනයට ලක්කර ඇති බව පවසමින් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත අද (21) දින පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

යුනයිටඩ් හියුමන් රයිට්ස් ඕර්ගනයිසේෂන් ආයතන විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කරනු ලැබුවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසයි එම ආයතනය ජාතික ළමා ආරක්ෂක අධිකාරියට මෙම පැමිණිල්ල ඉදිරිපත් කරමින් සඳහන් කළේ.

පසුගිය 04 වනදා පාසල තුළ දී වයස අවුරුදු 14ක සිසුන් තිදෙනෙක් ආරක්ෂක අංශයේ නිලධාරියෙකු විසින් මෙලෙස අපයෝජනය ලක්කර ඇති බවයි පැමිණිල්ල සිදුකළ යුනයිටඩ් හියුමන් රයිට්ස් ඕර්ගනයිසේෂන් ආයතනය වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර මෙම සිදුවීම පිළිබඳව පොලිසිය ලැබුණු තොරතුරකට අනුව කොල්ලුපිටිය පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

කෙසේ වෙතත් පොලිසිය සඳහන් කළේ එම සිදුවීම සම්බන්ධයෙන් පොලිසියට මේ වන තෙක් පැමිණිල්ලක් ලැබී නොමැති බවයි.

ඒ, අනුව අධිකරණය වෙත මේ සම්බන්ධයෙන් කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සමඟ විමර්ශන සිදුකරණ බවයි පොලිසිය සඳහන් කළේ.

එමෙන්ම අධිකරණ නියෝගයක් ලබාගෙන පාසලේ ආරක්ෂක කැමරා පද්ධතිය පරීක්ෂා කිරීමට ද කටයුතු කරන බවයි පොලිසිය පැවසුවේ.

මේ අතර අද දිනයේ ජාතික ළමාරක්ෂණ අධිකාරිය වෙත පැමිණිල්ල ඉදිරිපත් කළ යුනයිටඩ් හියුමන් රයිට්ස් ඕර්ගනයිසේෂන් ආයතන පවසන්නේ මෙම අපරාධය පාසලේ විදුහල්පතිවරයා වසන් කිරීමට කටයුතු කරමින් සිටින බවයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා විදුහල්පතිවරයා සම්බන්ධ කර ගැනීමට පාසලේ දුරකථන අංකයට අමතමින් අප උත්සාහ කළත් ඊට කිසිවෙක් ප්‍රතිචාර දක්වා සිටියේ නැහැ.

  1. I watched the video of the so called HUMAN RIGHTS organization reps talking about the incident with some Old Boys of Mahanama College. Medical test now is not an important test because children had gone back to homed and stayed at home for 2 weeks. But Children’s parents seem to be not doing anything to back the HUMAN RIGHTS ORGANIZATION.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගවිනිසුරුතුමා ආණ්ඩුවට ටොක්කක් දුන්නා
02:31
Video thumbnail
22 සම්බන්ධ පෙත්සම් විභාගයෙන් පසු සජිත් කිව්ව දේ - එක පක්ෂයක් රාජ්‍ය පාලනය කරන ක්‍රමයක් හදන්නේ
12:11
Video thumbnail
ව්‍යවස්ථාවට අදාළ පෙත්සම් විභාගය ආරම්භ කළා
00:59
Video thumbnail
විදුලි සහ ජල කප්පාදුවක් ඉදිරියේදී ?එල්නිනෝ තත්ත්වය ඉස්සරහට තවත් දරුණු වෙන්න පුළුවන්
04:30
Video thumbnail
බිරිඳගේ උපන්දිනයට සැමියා ගමටම දීපු එළවලු දන්සල
03:03
Video thumbnail
ලංකාවට අනවසරයෙන් ඇවිත් හැංගිමුත්තන් කරන ඉරාන නැව් - මැදපෙරදිග යුද්දයට ලංකාවත් හවුල් වෙයිද ?
03:24
Video thumbnail
කිඹුලෙකුට ගොඳුරු වූ තරුණයා - නෑ නෑ.. ඒ මගේ කොල්ලා නෙමෙයි
00:47
Video thumbnail
නීතිඥ සංගමය, වෘත්තීය සංගම් අලුත් කඩේ අධිකරණය වටලයි - අනුරගේ ආණ්ඩුවත් කළු පැල්ලමක් ඉතිහාසයට එක් කළා
09:03
Video thumbnail
පියංකර ජයරත්න වැලිකඩ බන්ධනාගාරයට
00:39
Video thumbnail
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් නලින්ද ආයාචනා කරයි - විපක්ෂය උද්ඝෝෂණ කළාට අපිට දැනෙන්නේ නෑ
06:33