කොළඹට එන අයට දැනුම්දීමක්

කොළඹ නගරයේ මාර්ග කිහිපයක වාහන ගමනාගමනය අද දිනයේත් සීමා කෙරෙනවා.

පෙබරවාරි 4 වැනිදාට යෙදී ඇති 75 වැනි නිදහස් දින සැමරුමේ පෙරහුරු හේතුවෙන් ඊයේ (28) සිට ක්‍රියාත්මක විශේෂ රථවාහන සැලැස්ම පෙබරවාරි 3 වැනිදා දක්වා ක්‍රියාත්මක බවයි පොලිස් මූලස්ථානය ප්‍රකාශ කළේ.

ඒ අනුව එම රථ වාහන සැලැස්ම දිනපතා අලුයම 5 සිට දහවල් දක්වා ක්‍රියාත්මක වන බව පොලිසිය ජනතාවට දැනුම් දෙනවා.

මේ අනුව පහත මාර්ගවල වාහන ගමනාගමනය සීමා කෙරෙනවා.

ගාලුමුවදොර මැද පාර, ගාලුමුවදොර වටරවුම සිට NSA වටරවුම සහ චෛත්‍ය පාර
කොල්ලුපිටිය හන්දිය සිට ගාලුමුවදොර වටරවුම සහ කොල්ලුපිටිය දුම්රිය ස්ථානය දක්වා
ශාන්ත මයිකල් වටරවුම ගාලු පාර දෙසට
රොටුන්ඩා වටරවුම ගාලු පාර
සෙරමික් හන්දිය සිට NSA වටරවුම දක්වා
යෝර්ක් වීදියේ සිට ලංකා බැංකු මාවත දක්වා
යෝර්ක් වීදිය සිට චැතම් වීදිය දක්වා
යෝර්ක් වීදියේ සිට මුදලිගේ මාවත දක්වා
යෝර්ක් වීදියේ සිට බාරොන් ජයතිලක මාවත දක්වා
ඛාන් ඔරලෝසු කණුව වටරවුම සිට YMBA වටරවුම දක්වා
සීනෝර් හන්දිය සිට ඕල්කට් මාවත දක්වා සහ CTO හන්දිය සිට ලෝටස් පාර සහ සෙරමික් හන්දිය දක්වා
ගාමිණී වටරවුම සිට ඩී.ආර්.විජයවර්ධන මාවත දක්වා
කොම්පඤ්ඤවීදිය පොලිස් වටරවුමේ සිට රීගල් හන්දිය දක්වා
මචන් මාකර් මාවතේ සිට බලදක්ෂ මාවතට සහ ගාලු මුවදොර
බම්බලපිටිය හන්දිය ගාලු පාර දිගේ කොල්ලුපිටියට
බම්බලපිටිය දුම්රිය ස්ථානයේ සිට මැරීන් ඩ්‍රයිව්
තුන්මුල්ල හන්දියෙන් බෞද්ධාලෝක මාවතට සහ ආර්.ඒ.ද මෙල් පාර
ආනන්ද කුමාරස්වාමි මාවතේ සිට මල් පාර හන්දිය දක්වා සහ ලිබර්ටි වටරවුම දක්වා
ලිබර්ටි වටරවුම සිට ශාන්ත මයිකල් වටරවුම දක්වා

පෙරහුරු අතරතුර මෙම මාර්ගවල පදිංචිකරුවන්ට පොලිසියේ අවසරය මත අදාළ ප්‍රදේශවලට ගමන් කළ හැකි බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම කාලය තුළ ඉහත මාර්ග භාවිත කරන වාහන සඳහා විකල්ප මාර්ග ද පොලිසිය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

බස් රථ සහ සැහැල්ලු වාහන සඳහා විකල්ප මාර්ග;

ගාලු පාර ඔස්සේ කොටුව, පිටකොටුව දෙසට ගමන් කරන වාහන බම්බලපිටිය හන්දියෙන් දකුණට හැරී බෞද්ධාලෝක මාවත, තුන්මුල්ල හන්දිය, තර්ස්ටන් පාර හරහා පිටකොටුවට ළඟා විය හැකියි.

කොල්ලුපිටිය හන්දියෙන් දකුණට හැරී ලිබර්ටි වටරවුම සහ ධර්මපාල මාවත හරහා පිටකොටුවට ළඟා වීමේ හැකියාව පවතිනවා.

එමෙන්ම ඕල්කට් මාවත, කාර්මික විද්‍යාල හන්දිය, සංඝරාජ මාවත, පංචිකාවත්ත පාර, මරදාන පාලම හන්දිය, ගාමිණී වටරවුම හරහා කොටුව, පිටකොටුව වෙත ළඟා විය හැකියි.

1 13
3 10


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49