ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ කැදවුම්කරු ජාතික ජන බලවේගයේ කේ ඩී ලාල්කාන්ත මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද පැමිණියා.
ඉකුත් පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරණ කාලසීමාව තුළදී ආරක්ෂක අංශ සම්බන්ධකර ගනිමින් වෘත්තීය සමිති පිහිටුවීම සදහා කටයුතු කර ඇති බවට වෙබ් අඩවියක් අනාවරණය කළා.ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා කේ ඩී ලාල්කාන්ත මහතාට පැමිණෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම්දීමට අනුවයි ඔහු අද එම දෙපාර්තමේන්තුවට පැමිණියේ.










