කේරළ ප්‍රාන්තයේ දරුණු නායයෑමකින් 63ක් මරුට – රජයෙන් සහන

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ වයනාද් ප්‍රදේශයට අද (30) අලුයම සිට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවෙන් විශාල කන්දක් නායයෑමෙන් මේ වනවිට පුද්ගලයින් 63 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව ඇති බවට NDTV මාධ්‍ය වාර්තා කරනවා.

වයනාඩ් නායයෑමේ සජීවී යාවත්කාලීන කිරීම් ලෙස ඉන්දීය මාධ්‍ය මෙම ඛේදවාචකය වාර්තා කරන අතර; මෙම ව්‍යසනයෙන් තවත් පිරිසක් අතුරුදන් ව ඇති බවයි පැවසෙන්නේ.

ගලවා ගැනීමේ මෙහෙයුමට ගිනි නිවීමේ සහ මුදාගැනීමේ, සිවිල් ආරක්ෂක, NDRF සහ ප්‍රාදේශීය හදිසි ප්‍රතිචාර කණ්ඩායම්වල සාමාජිකයින් 250ක් සම්බන්ධ වී සිටිනවා.

ප්‍රධාන අමාත්‍ය පිනරායි විජයන් සඳහන් කර ඇත්තේ හැකි තරම් ගලවා ගැනීමේ කණ්ඩායම් යොදා විපතට පත් වූවන්ව බේරාගැනීම සිදු කළ යුතු බවයි.

නායයෑම්වලින් සිදු වූ ජීවිත අහිමි වීම් පිළිබඳ ව අගමැති නරේන්ද්‍ර මෝදි ශෝකය පළ කළ අතර අර්බුදයට මුහුණ දීම සඳහා රජයෙන් දිය හැකි සෑම උපකාරයක් ම ලබාදීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහතික වී තිබෙනවා.

මියගිය අයගේ පවුල්වලට රුපියල් ලක්ෂ 2ක වන්දියක් ලබාදෙන අතර; තුවාල ලැබූවන්ට රුපියල් 50,000ක් ඉන්දීය රජයෙන් ගෙවීමටයි මේ වනවිට තීරණය කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
00:00
Video thumbnail
අස්වැසුම මුදල් වංචා කළ නිළධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
00:36
Video thumbnail
ගල් අඟුරු ප්‍රශ්නය නිසා නෙවෙයි ඇමති අයින් වුණේ - ඊළඟ ගල් අඟුරුවලට සහතිකයක් දෙන්න පුළුවන්ද ?
03:04
Video thumbnail
විපක්ෂය නටන මේ නාඩගම අපි නවත්වනවා
05:21
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන කැබිනට් මාධ්‍ය හමුවේ ඇදෙයි - ගල් අඟුරු සැපයීමට සමාගම් දෙකකට දෙනවා
04:47
Video thumbnail
මේ වගේ පිස්සෝ ටිකක් මන් කොහේවත් දැකලා නෑ
06:38
Video thumbnail
බන්ධනාගාරවල කැරලි හැදෙන විදියට ආණ්ඩුව වටපිටාව හැඳුවා ? පොහොට්ටුවෙන් ආණ්ඩුවට සැර සත්තමක්
15:29
Video thumbnail
ගැමුණුගේ කතාවට නලින්ද උත්තර දෙයි
06:47
Video thumbnail
පොලිස්පතිට මරණ තර්ජනය කරනවා නම් ඒක ගැන පරීක්ෂණය කරන්න ඕනේ
02:30
Video thumbnail
මේ ගෝත්‍රිකයින්ට රාජ්‍යයක් පාලනය කරන්න බෑ - පැලවත්තේ ආණ්ඩුවට බලය විතරයි ඕනි
09:02