Fly high Get bonus Aviator Phone

කෙහෙළිය වග උත්තරකරුවෙක් ලෙස පෙනී නොසිටින බව නීතිපති අධිකරණයට කියයි

ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ලියාපදිංචි නොකල ඉන්දීය සමාගම් දෙකකින් ඖෂධ මිලදී ගැනීමට ගෙන තිබෙන තීරණය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වග උත්තරකරුවන් කීප දෙනෙකු වෙනුවෙන් පෙනී නොසිටින බව නීතිපතිවරයා අද (22) දින ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

මෙම පෙත්සම අද (22) කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිට ජෙනරාල්වරයා මෙම දැනුම් දීම සිදුකළා.

ඉන් අනතුරුව පෙත්සම සලකා බැලීම කල් තැබීමටත් අධිකරණය නියම කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?