කෙසෙල්වත්තේ වෙඩි තැබීමක් – අයෙක් මරුට

කෙසෙල්වත්ත – මාටිස් ලේන් ප්‍රදේශයේ දී අද (30) පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයෙක් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිව සිටි 20 හැවිරිදි වියේ පසුවූ අයෙක්.

පොලිසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මේ වනවිට විමර්ශන අරඹා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්