spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කෙවින් මැකාති ධුරයෙන් ඉවත් කිරීමේ මෙහෙයුමක්

ඇමරිකා එක්සත් ජනපදයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායක කෙවින් මැකාති එම ධුරයෙන් ඉවත් කිරීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරන ඔහුට එරෙහිව මෙම මෙහෙයුම රිපබ්ලිකන් පක්ෂයේ ම කණ්ඩායමක් ක්‍රියාත්මක කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පසුගියදා ඇමරිකා රජයේ ආයතනවලට අරමුදල් සැපයීම සඳහාවන පනතක් සම්මත කිරීම සඳහා රිපබ්ලිකන් පක්ෂයේ පිරිසකගෙන් සහාය ලබාගැනීමට ජෝ බයිඩන් ජනාධිපතිගේ පාලක ඩිමොක්‍රටික් පක්ෂය පියවර ගෙන තිබුණා.

මේ හේතුවෙන් ඇමරිකානු රජය වසා දැමීමේ තීරණය වැළැක්වී ගිය අතර, ඊට හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහාය දක්වන රිපබ්ලිකන් පක්ෂයේ තවත් කණ්ඩායමක් විරෝධය පළකර තිබෙනවා.

ඒ, අනුව විරෝධය පළකරනු ලබන රිපබ්ලිකන් පක්ෂයේ එම කණ්ඩායම කෙවින් මැකාති ඉවත් කිරීමේ මෙම මෙහෙයුම ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ, අනුව මැකාති ඉවත් කිරීමේ මෙහෙයුම පිටුපස සිටින අධිසි හස්තය ඩොනල්ඩ් ට්‍රම්ප් බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

මෙම කණ්ඩායම පවසා ඇත්තේ මැකාති එම ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාවක් කොංග්‍රස් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

ඇමරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායකවරයා ඇමරිකානු උප ජනාධිපතිවරයාට පසුව ජනාධිපති ධුරයේ අනුප්‍රාප්තික රේඛාවේ දෙවැනියා ලෙස කටයුතු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?