කෙවින් මැකාති ධුරයෙන් ඉවත් කිරීමේ මෙහෙයුමක්

ඇමරිකා එක්සත් ජනපදයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායක කෙවින් මැකාති එම ධුරයෙන් ඉවත් කිරීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරන ඔහුට එරෙහිව මෙම මෙහෙයුම රිපබ්ලිකන් පක්ෂයේ ම කණ්ඩායමක් ක්‍රියාත්මක කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පසුගියදා ඇමරිකා රජයේ ආයතනවලට අරමුදල් සැපයීම සඳහාවන පනතක් සම්මත කිරීම සඳහා රිපබ්ලිකන් පක්ෂයේ පිරිසකගෙන් සහාය ලබාගැනීමට ජෝ බයිඩන් ජනාධිපතිගේ පාලක ඩිමොක්‍රටික් පක්ෂය පියවර ගෙන තිබුණා.

මේ හේතුවෙන් ඇමරිකානු රජය වසා දැමීමේ තීරණය වැළැක්වී ගිය අතර, ඊට හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහාය දක්වන රිපබ්ලිකන් පක්ෂයේ තවත් කණ්ඩායමක් විරෝධය පළකර තිබෙනවා.

ඒ, අනුව විරෝධය පළකරනු ලබන රිපබ්ලිකන් පක්ෂයේ එම කණ්ඩායම කෙවින් මැකාති ඉවත් කිරීමේ මෙම මෙහෙයුම ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ, අනුව මැකාති ඉවත් කිරීමේ මෙහෙයුම පිටුපස සිටින අධිසි හස්තය ඩොනල්ඩ් ට්‍රම්ප් බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

මෙම කණ්ඩායම පවසා ඇත්තේ මැකාති එම ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාවක් කොංග්‍රස් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

ඇමරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායකවරයා ඇමරිකානු උප ජනාධිපතිවරයාට පසුව ජනාධිපති ධුරයේ අනුප්‍රාප්තික රේඛාවේ දෙවැනියා ලෙස කටයුතු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැලසුම් කරලවත් කරන්න බැරි විනාශයක් මෙයාලා කොහොමද කළේ ?මේක කාගේ හරි සැලසුමකට කරපු දෙයක් ?
04:04
Video thumbnail
රැදවියන්ගේ දෙමාපියන් හඬා වැටෙමින් කියූ දේ.."අපි දසමාසයක් තියන් අපේ දරුවෝ හැදුවා.."
01:54
Video thumbnail
සර්ට් නැතුව බ## ගෙනියනවා වගේ ගෙනිච්චේ - ළමයි හරිම දුකෙන් ගියේ බස් එකේ
01:21
Video thumbnail
හිටපු පොලිස්පති පූජිත්ට අත්වුණු ඉරණම ගැන දුර සිට බලා දුක්වුණු SDIG
01:11
Video thumbnail
රැඳවියෙකුගේ ඥාතියෙක් පොලිස් නිලධාරියෙකුට මූණටම කියපු කතාව..
00:31
Video thumbnail
රැඳවියන්ගේ පවුලේ අයට යකා නගියි - "බන්ධනාගාර නිලධාරින්ගේ කොන්ද කෙළින් නෑ"
00:58
Video thumbnail
කොල්ලුපිටිය සලිත කළ නිසල සිරුර
00:52
Video thumbnail
කළු ඇදගත් SF නිලධාරින් පෝළිමට පිටව ගිය හැටි
00:13
Video thumbnail
කොල්ලුපිටිය සලිත කළ නිසල සිරුර - සිරුර ධීවරයෙකුගේ යැයි සැක කරයි
01:28
Video thumbnail
මීගමුව සහ මහර සිද්ධිය අතර සම්බන්ධතාවයක් ?අපි බලමු ඉස්සරහට - දේශපාලකයෝ කළබලවෙලා
05:35