කුසල්ගේ ප්‍රවේසම්කාරී ලකුණු මැෂිමෙන් ජැෆ්නාවරුන්ට ලකුණු 192ක ඉලක්කයක්

ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ මේ වනවිට (03) ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම සහ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ පළමු ව පන්දුවට පහර දුන් දඹුලු කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 02ක් දැවී ලකුණු 191ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වුණා.

අද තරගයේ කාසියේ වාසිය දිනාගත් ජැෆ්නා නායක චරිත් අසලංක පළමු ව පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව ලකුණු පුවරුව වේගයෙන් මෙන් ම කල්පනාකාරී ව ගොඩනැගීමටයි දඹුලු කණ්ඩායමේ ආරම්භක පිතිකරු වන කුසල් පෙරේරා කටයුතු කළේ.

එය කෙතරම් ප්‍රවේසම්කාරී මෙන් ම හැඩකාර ඉනිමක් දැයි කිවහොත් කුසල් පන්දු 50ක දී විශිෂ්ට ශතකයක් (102*) ද ලබා ගත්තේ තරගය අවසාන වන තෙක් නොදැවී සිටිමින්.

කුසල්ගේ මෙම ශතකයට දැවැන්ත හයේ පහර 05ක් සහ හතරේ පහර 10ක් ඇතුළත් වුණා.

කුසල් පෙරේරා පන්දුවාර 20 තරගයක දී ලබා ගත් ඉහළම සහ මංගල ශතකය ද මෙයයි.

මේ අතර මෙවර ලංකා ප්‍රීමියර් තරගාවලියේ ශතකයක් වාර්තා කළ පළමු ක්‍රීඩකයා බවට ද කුසල් පෙරේරා මෙම ශතකයත් සමග පත් වීම විශේෂත්වයක්.

ධනුෂ්ක ගුණතිලක ලකුණු 09කට දැවී ගියත් කුසල් පෙරේරා සමගින් එක් වූ නුවනිඳු ප්‍රනාන්දු දෙවැනි කඩුල්ලට පන්දු 64ක දී ලකුණු 108ක ශක්තිමත් සබඳතාවක් ගොඩනැගීමට සමත් වුණා.

නුවනිඳු ප්‍රනාන්දු හයේ පහරක් එල්ල කිරීමට උත්සාහ ගැනීමේ දී ධනංජය ද සිල්වා යොමු කළ පන්දුවක් හමුවේ ලකුණු 40ක් ලබා සිටිය දී දැවී ගියේ ඉතා අවාසනාවන්ත අයුරින්.

ඉන් අනතුරුව ද නො නැවතුණු කුසල් පෙරේරා සිය තෙවැනි කඩුල්ලට එක් වූ සගයා වූ මාර්ක් චැප්මන් සමග ද ලකුණු එක් රැස් කිරීමේ මැෂිම ක්‍රියාත්මක කරන්නට වුණා.

චැප්මන් ද තමන්ට ලද අවස්ථාවල දී උපරිම ලකුණු සීමාවකට යමින් පන්දු 23ක දී එක් හයේ පහරක් හා හතරේ පහර 03ක් එක් කරමින් ලකුණු 33ක් නොදැවී ලබා ගත්තා.

තරගයේ පන්දුවාර 20 අවසානයේ දඹුලු කණ්ඩායමේ ලකුණු සටහන දැක්වුණේ කඩුලු 02ක් දැවී ලකුණු 191ක් ලෙසින්.

කඩුලු බිඳ දැමීමේ දී ධනංජය ද සිල්වා නමින් පමණක් කඩුලු 02ක් සටහන් වුණා.

ඒ අනුව අද තරගය ජය ගැනීමට නම්, ජැෆ්නා කණ්ඩායමට පන්දු 120ක් තුළ දැවැන්ත ලකුණු 192ක ඉලක්කයක් හඹා යා යුතු වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15