කුවේට් යවන්න හෝටලේක ඉන්ටවීව් තියලා – ලයිසන් නැති පුද්ගලයෙක් අල්ලයි

කුවේට් රාජ්‍යයේ රැකියාවන් ලබාදෙන බව පවසමින් කුරුණෑගල නගරයේ හෝටලයක සම්මුඛ පරීක්ෂණ පවත්වමින් සිටි සැකකරුවෙක් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පොලිස් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (11) දිනයේ සිදුකළ වටලිමක දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරු සතුව තිබී විදේශ ගමන් බලපත්‍ර 03ක්, රැකියා අයදුම් පත්‍ර සහ තවත් ලියකියවිලි කීපයක් ද සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

විදෙස් රැකියාවන් ලබාදීම සදහා සැකකරුට ලියාපදිංචි බලපත්‍රයක් නොමැති බවයි වැටලීම සිදුකළ නිලධාරීන් සදහන් කළේ.

සැකකරු කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

මේ අතර ඩුබායි හී කර්මාන්ත ශාලාවක රැකියාවක් ලබා දෙන පවසා රුපියල් 08ක මුදලක් වංචා කළ කාන්තාවක්ව ද විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පොලිස් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර කාන්තාව මහර මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කර ඇත්තේ.

කිරිබත්ගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් විසින් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පොලිස් ඒකකයට සිදුකර ඇති පැමිණිල්ලකට අනුව සැකකරිය අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59