AFC Banner
Empty Ad
Empty Ad

කුරටියාව වැවේ ගිලී කතක් මරුට

දිය නෑමට වැවකට ගිය කාන්තාවක් එම වැවේ ගිලී මිය ගොස් ඇති බව සාලියවැව පොලීසිය පවසනවා.

මෙම අනතුර සිදු ව ඇත්තේ ඊයේ පස්වරුවේ සාලියවැව – පළුගස්සේගම පදිංචි කාන්තාවක්.

මරණකාරිය ඊයේ පස්වරුවේ කුරටියාව වැවෙහි දිය නෑමට ගොස් ඇති බවත්, දිය නාමින් සිටියදී ඇය මෙම අනතුරට මුහුණ පා ඇති බවත් වාර්තා වනවා.

මෙලෙස මියගොස් ඇත්තේ හේරත් මුදියන්සේලාගේ ඩිංගිරිඅම්මා නම් වූ 69 හැවිරිදි කාන්තාවක්.

ඊයේ පස්වරුවේ සාලියවැව පොලිසියට කාන්තාවකගෙන් දූරකථන ඇමතුමක් ලැබී තිබෙනවා.

ඒ කාන්තාවකගේ මළසිරුරක් වැවෙහි පාවෙන බවට දැනුම්දෙමින්.

වහාම ක්‍රියාත්මක වූ සාලියවැව පොලිසිය වැව පිහිටි ප්‍රදේශයට ගොස් ඇති අතර, එහිදි මියගිය කාන්තාවගේ සිරුර සොයා ගැනුණා.

මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීමට නියමිත බවත්, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සාලියවැව පොලිසිය විසින් සිදු කරනු ලබන බවත් අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?