කුරටියාව වැවේ ගිලී කතක් මරුට

දිය නෑමට වැවකට ගිය කාන්තාවක් එම වැවේ ගිලී මිය ගොස් ඇති බව සාලියවැව පොලීසිය පවසනවා.

මෙම අනතුර සිදු ව ඇත්තේ ඊයේ පස්වරුවේ සාලියවැව – පළුගස්සේගම පදිංචි කාන්තාවක්.

මරණකාරිය ඊයේ පස්වරුවේ කුරටියාව වැවෙහි දිය නෑමට ගොස් ඇති බවත්, දිය නාමින් සිටියදී ඇය මෙම අනතුරට මුහුණ පා ඇති බවත් වාර්තා වනවා.

මෙලෙස මියගොස් ඇත්තේ හේරත් මුදියන්සේලාගේ ඩිංගිරිඅම්මා නම් වූ 69 හැවිරිදි කාන්තාවක්.

ඊයේ පස්වරුවේ සාලියවැව පොලිසියට කාන්තාවකගෙන් දූරකථන ඇමතුමක් ලැබී තිබෙනවා.

ඒ කාන්තාවකගේ මළසිරුරක් වැවෙහි පාවෙන බවට දැනුම්දෙමින්.

වහාම ක්‍රියාත්මක වූ සාලියවැව පොලිසිය වැව පිහිටි ප්‍රදේශයට ගොස් ඇති අතර, එහිදි මියගිය කාන්තාවගේ සිරුර සොයා ගැනුණා.

මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීමට නියමිත බවත්, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සාලියවැව පොලිසිය විසින් සිදු කරනු ලබන බවත් අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18