කිවි කතුන්ගෙන් පාකිස්තානයට ලකුණු 111ක ඉලක්කයක්

නවසීලන්ත කාන්තා කණ්ඩායමෙන් පාකිස්තානයට ජයග්‍රහණය සඳහා ලකුණු 111ක ඉලක්කයක් හිමි වුණා.

ඒ ලෝක කුසලාන පන්දුවාර (කාන්තා) 20-20 ක්‍රිකට් තරගාවලියේ අද (14) ඩුබායි හිදී පැවැත්වෙන දෙරට අතර තරගයේදීයි.

තරගයේ කාසියේ වාසිය නවසීලන්ත නායිකා සොෆී ඩිවින් විසින් දිනා ගනු ලැබූ අතර පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව ඔවුන් කඩුලු 06ක් දැවී පන්දුවාර 20 අවසානයේ ලබාගත්තේ ලකුණු 110ක් පමණි.

Suzie Bates ලකුණු 28ක් ද, Brooke Halliday ලකුණු 22ක් ද රැස් කළා.

පාකිස්තාන පන්දු යවන්නියන්ගේ පීඩනකාරී පන්දු යැවීම හමුවේ ඉහළ ලකුණකට යාමට නවසීලන්ත කණ්ඩායමට හැකියාවක් අද දිනයේ දී නම් ලැබුණේ නැහැ.

කඩුලු බිඳ දැමීමේ දී නෂ්‍රා සන්දු ලකුණු 18කට කඩුලු 03ක් ද, එක් කඩුල්ල බැගින් Sadia Iqbal, Nida Dar සහ Omaima Sohail විසින් දවාගත්තා.

මේ වනවිට පාකිස්තාන කාන්තා කණ්ඩායම ලකුණු 111ක ඉලක්කයක් හඹා යෑම ආරම්භ කර ඇති අතර ඔවුන් කඩුලු 02ක් දැවී ලකුණු 19ක් ලබා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12
Video thumbnail
මුජිබුර් බිමල්ට රිදෙන්නම දෙයි - ඔයාලා තමයි දූෂිතයින්ව ගෙනාවේ
05:21
Video thumbnail
ශිරන්තිව බලන්න මහින්ද වැලිකඩට එයි
00:37
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම නිසා මිහින්තලේ හිමිට යකා නගියි - මාලිමා ආණ්ඩුව අරහත් ධජය ගැලෙව්වා
06:39
Video thumbnail
ලක් අම්මව අත්අඩංගුවට ගත්තා ලු.. අපි පළිගන්නවා ලු
07:51
Video thumbnail
ඥානසාර හිමිගේ සිද්ධිය ගැන විමල්ගෙන් ප්‍රබල අනාවරණයක් - බන්ධනාගාර නිලධාරින්ට චෝදනාව දාන්නද යන්නේ ?
08:48
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවපු එකට විරුද්ධව භික්ෂූන් වහන්සේලා පාරට බහී
06:27
Video thumbnail
මට පුදුමයි, මම ජීවත් වෙන්නේ ලංකාවේ ද..?
08:15
Video thumbnail
මම ඥානසාර හිමිගේ සිවුර ගලවන්න ගියේ නෑ - මට අයිතියක් නෑ
07:04
Video thumbnail
චමින්ද විජේසිරි පාර්ලිමේන්තුව දෙවනත් කරයි - සභානායකට බලය දීලා කථානායක චොරවෙලා ඉන්නේ
02:06