කිලෝ 1550ක් බර වාහනයක් තම කොණ්ඩයෙන් ඇදපු යාපනයේ සෙල්ලයියා

සිය කොණ්ඩයේ ආධාරයෙන් කිලෝ ග්‍රෑම් 1550 ක් බර වාහනයක් විනාඩි 17 ක කාලයකින් කිලෝ මීටර් 1.2 ක දුරක් ඇදගෙන ගොස් ලෝක වාර්තාවක් පිහිටුවිමට යාපනයේ තෙන්මරච්චි මට්ටුවිල් ප්‍රදේශයේ පදිංචි හැට හැවිරිදි පුද්ගලයෙකු සමත් වී තිබෙනවා.

සෙල්ලයියා තිරුචෙල්වම් නමැති ඔහු මෙවර වාර්තාවක් තැබීම සඳහා ඔහුගේ කොණ්ඩයෙන් එම වාහනය ඇද තිබේ.

මෙම ලෝක වාර්තාව පිහිටුවීම සඳහා යාපනයේ ආයතන රැසක් හා රාජ්‍ය නිලධාරීන් කීපදෙනෙකු හා පළාතේ ක්‍රීඩා සමාජ ඔහුට සහය දී ඇති අතර විශේෂ නියෝජිතයින් පිරිසක් ඉදිරියේදී මෙම වික්‍රමය සිදු කිරීමෙන් පසුව ඔහුට ඒ ලෝක වාර්තාව පිහිටුවීම සම්බන්ධයෙන් වූ සහතිකය පිරිනමා තිබේ.