කැමතිම සින්දුවට වේදිකාව උඩ නැටූ කොස්තාපල් ගෙදර යවයි

පෑලියගොඩ ප්‍රදේශයේ පසුගියදා පැවති අවුරුදු උත්සවයක් අවසානයේ පැවති සංගීත සංදර්ශනයක් අතරතුර වේදිකාවේ නර්තනයේ නිරත වූ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

පෑලියගොඩ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන කොස්තාපල්වරයා රාජකාරියේ යෙදී සිටියදී මෙලෙස හැසිරීම හේතුවෙන් කළ පරීක්ෂණයකින් අනතුරුවයි කැලණිය සහකාර පොලිස් අධිකාරීවරයා විසින් මෙලෙස වැඩ තහනම් කර ඇත්තේ.

සංගීත සංදර්ශනය පැවැත්වෙන ස්ථානයේ ආරක්ෂක රාජකාරි සඳහා අදාළ නිලධාරියා ඇතුළු සැරයන්වරයෙකු සහ පොලිස් කොස්තාපල්වරුන් සිව් දෙනෙකු යොදවා තිබූ බව සඳහන්.

සංගීත සංදර්ශනය මධ්‍යම රාත්‍රිය වන විට අවසන් කරන ලෙස සංවිධායකයන්ට දැනුම් දී තිබුණද අමතර පැය භාගයක කාලයක් ප්‍රසංගය පැවැත්වීමට පොලිස් නිලධාරීන් විශේෂ අවසරයක් ලබාදී තිබුණා.

වේලාව අවසන් වීමට ආසන්නව, අදාළ පොලිස් කොස්තාපල්වරයා වේදිකාවේ සංගීත කණ්ඩායම සමඟ කතා කරමින් සිටි අතර පසුව ඔහු වේදිකාවේ නර්තනයේ නිරත වී ඇති බවයි හෙළිවී ඇත්තේ.

මෙම කොස්තාපල්වරයා තමා කැමතිම ගීතය ගායනා කරන ලෙස සංගීත කණ්ඩායමෙන් ඉල්ලා සිටි අතර සංගීත කණ්ඩායමට සංදර්ශනය අවසන් කිරීමට ඉඩ නොතබමින් දිගින් දිගටම නර්තනයේ යෙදීම නිසා සංවිධායකයින් විසින් පොලිස් කොස්තාපල්වරයා වේදිකාවෙන් ඉවත් කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් ස්ථානාධිපතිවරයා දැනුවත් කිරීමට ප්‍රසංගයේ ආරක්‍ෂාව භාර සැරයන්වරයා පියවර ගෙන ඇති අතර අනතුරුව විමර්ශනයක් සිදු කිරීමෙන් පසුවයි සහකාර පොලිස් අධිකාරීවරයා ඊට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
8
+1
36
+1
5
+1
25
+1
11
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට මේවා කඩේ යනවා වගේ කරන්න බෑනේ..සජබ ආරාධනාව ගැන ඇහුව එකට තලතාට යකා නගියි?
06:04
Video thumbnail
හු## කියන්න එපා සර් - ඔයාට අයිතියක් නෑනේ
03:19
Video thumbnail
ගම් ඇතුළේ SJB, UNP කට්ටිය චූන්වෙලා ඉන්නේ..ආණ්ඩුව බය ඒකනේ..
05:30
Video thumbnail
ආණ්ඩුවේ ගල් අඟුරු වංචාව නිසා විදුලිබිල වැඩි වුණා..දැන් ජනතාව දින්නා
03:37
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.04.22
00:00
Video thumbnail
අත්අඩංගුවට ගත් හිටපු පා.ම. ප්‍රේමලාල් ජයසේකර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට
00:50
Video thumbnail
දූෂිත ආණ්ඩුවට ආණ්ඩුවට එරෙහිව අපිත් එක්ක එකතුවෙන්න
01:30
Video thumbnail
"ක්‍රිකට් පාලන මණ්ඩලය අයින් කරලා වෙන බෝර්ඩ් එකක් දාන්න යන්නේ"මරික්කාර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..
06:53
Video thumbnail
අජිත්ගෙන් ලාල්කාන්තට සැර හින්ට් එකක් - ලාල්කාන්ත චණ්ඩියෙක් වෙලා - අපි අනුකම්පා කරනවා
01:35
Video thumbnail
ඇමතිව සුදු කරලා නැවත අමාත්‍යංශය දීමේ කූඨ උපක්‍රමයක්..අජිත්ට යකා නැගලා වසන්ත ඇතුළු සෙට් එකටම අමතයි
06:29