ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථානය අතර දෙවන විස්සයි විස්ස තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් සමත් වුණා.
ඒ, අනුව ඔහු රාවල්පින්ඩි තණ තීරුවේ පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව පාකිස්ථානයට ලබා දුන්නා.
මේ අතර අද තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුකර තිබෙනවා.
ඒ, අනුව මෙම තරගය වෙනුවෙන් සිනෙත් ජයසූරිය, බිනුර ප්‍රනාන්දු සහ චමින්දු වික්‍රමසිංහ කණ්ඩායමට කැඳවා ඇති බවයි වාර්තා වුණේ.










