Empty Ad
Empty Ad
AFC Banner

ක්‍රීඩාංගණයකට මෝටර් රථයක් කඩා වැදී 35 දෙනෙකු මරුට – තවත් 43කට බරපතළ තුවාල

චීනයේ ෂුහායි ප්‍රාන්තයේ ක්‍රීඩාංගණයක ව්‍යායාම කටයුතුවල නිරත ව සිටි පිරිසක් අතරට අධික වේගයෙන් පැමිණි මෝටර් රථයක් කඩා වැදීමෙන් එහි ව්‍යායාම කටයුතු කරමින් සිටි පුද්ගලයින් අතරින් 35 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

බීබීසී මාධ්‍ය වාර්තා කළේ; අදාළ අනතුරින් තවත් 43 දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි.

අනතුර සිදු කළ රියදුරු 62 හැවිරිදි අයෙකු බවත් හෙතෙම අනතුරින් පසුව පලා යාමට කළ උත්සාහයේ දී චීන ප්‍රාන්ත පොලිස් අත් අඩංගුවට පත් ව තිබෙනවා.

කෙසේවෙතත් අනතුරින් පසුව රියදුරා දැඩි මානසික කම්පනයකට ලක් ව ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය සතියේ දී සැකකාර රියදුරු සිය බිරිඳගෙන් නීත්‍යානුකූල ව වෙන් ව ඇති අතර දෙදෙනා අතර පැවති දේපොළ ආරවුල් බේරුම්කරණයක් හේතුවෙන් ඔහු දැඩි අතෘප්තියෙන් සිට ඇති බවත්; එහි තිබූ කම්පනකාරී තත්ත්වය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව ද පැවසෙනවා.

මේ වනවිටත් සැකකාර රියදුරු දැඩි කොමා තත්ත්වයකින් පෙළෙන බැවින් ඔහුගෙන් ප්‍රශ්න කිරීමට සෞඛ්‍ය බලධාරීන්ගෙන් චීන පොලිසියට තවමත් අවසර හිමිව නැහැ.

චීන ජනාධිපති ෂී ජින් පිං සිද්ධිය සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල පළ කළ අතර, තුවාලකරුවන්ට ප්‍රතිකාර කිරීමට සෑම උත්සාහයක්ම ගන්නා ලෙස බලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

එමෙන්ම අපරාධකරුට දැඩි දඬුවම් දෙන ලෙසටත් නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.

චීනය තුළ පසුගිය මාස කිහිපය තුළ මහජන සාමාජිකයින්ට ප්‍රචණ්ඩ ප්‍රහාර රාශියක් විවිධ අවස්ථාවල දී එල්ල වන ආකාරය දැකිය හැකි වුණා.

සැප්තැම්බරයේ ෂැංහයි හි සුපිරි වෙළඳසැලක පිහි ඇනුමකින් තිදෙනකු මියගිය අතර තවත් පිරිසක් තුවාල ලැබුවා.

එම මාසයේම, 10 හැවිරිදි ජපන් ශිෂ්‍යයෙකු දකුණු චීනයේ දී පාසල් ශිෂ්‍යයෙකුට පිහි ප්‍රහාරයක් එල්ල වීමෙන් හෙතෙම මියගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලියනගේමුල්ල දුම්රිය හරස් මාර්ගයේ සිදුවුණ බිහිසුණ අනතුර - ත්‍රී විල් එක කුඩේ කුඩු - කාගෙද වැරද්ද ?
03:18
Video thumbnail
රට ගත්තු ණයවලින් 75%ක් අතුරුදන්
07:17
Video thumbnail
සැරයක් බැලුවොත් ආයෙත් බලන්න හිතෙනවා - මේවනේ සුපිරිම නැටුම්
03:55
Video thumbnail
අම්ම තාත්තා වෙනුවෙන් කොන්දොස්තර රස්සවක් කරනඅපේ රටේ දිරිය කෙල්ල
04:30
Video thumbnail
අබලන් මාර්ගයක් පිළිසකර කරන්න තරුණයින් වැඩේට බහී
01:48
Video thumbnail
නාවලපිටිය බස් නැවතුම්පොළ ජලයෙන් යටවෙයි
01:06
Video thumbnail
අපිටත් ශ්‍රමදානයක් තියෙනවා
05:35
Video thumbnail
අලි - මිනිස් ගැටුමට ආණ්ඩුවෙන් ස්ථිර විසඳුමක්
04:45
Video thumbnail
සිරිපා කරුණාව ඇරඹෙයි - සමන් දේව ප්‍රතිමාව සහ පූජ භාණ්ඩ වැඩම කළ මාර්ගය දෙපස බැතිමතුන් විශාල පිරිසක්
03:39
Video thumbnail
හිටපු කථානායක පාර්ලිමේන්තුවෙන් දොට්ට..?
09:36

?