කළුතර බන්ධනාගාරයේ තවත් රැඳවියෙක් මරුට

කළුතර බන්ධනාගාර රැඳවියෙකු අසනීප තත්ත්වයෙන් නාගොඩ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

කළුතර උතුර පොලිසිය සඳහන් කළේ සතියක් ඇතුලත මියගිය තුන්වන රැඳවියා ඊයේ පස්වරුවේ මියගොස් ඇති අතර ඒ අනුව පරීක්ෂණ ආරම්භ කළ බවයි.

පානදුර මෝදරවිල ප්‍රදේශයේ පදිංචිව සිටි 62 හැවිරිදි පුද්ගලයකු මෙලෙස ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.

මත්ද්‍රව්‍ය චෝදනාවක් මත බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරු ඊයේ පස්වරුවේ හදිසියේ අසනීප වීම හේතුවෙන් නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බව සඳහන්.

ඊයේ (28) පස්වරුවේ අසනීප තත්ත්වයක් මත සැකකරුට වෛද්‍ය සායන මධ්‍යස්ථානයකින් ප්‍රතිකාර ලබාදී රැගෙන ඒමෙන් පසු නැවත රෝගී වීම හේතුවෙන් නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී දිසානායක මහතා සඳහන් කළේ.

කළුතර මල්වත්ත බන්ධනාගාරය විසින් කළ පැමිණිල්ලක් මත කළුතර උතුර පොලිසිය විසින් ද මේ සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

මෘතදේහය පශ්චාත් මරණ පරීක්ෂණය සදහා කලුතර නාගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

පසුගිය සතියේදී ද නිව්මෝනියා රෝග තත්ත්වයක් හේතුවෙන් කළුතර බන්ධනාගාරයේ රැඳවියෙකු මියගොස් තිබුණා.

එමෙන්ම පසුගිය 26 වනදා පහරදීමක් හේතුවෙන් රෝහල් ගත කළ කළුතර බන්ධනාගාරයේ රැඳවියෙකු ද මරණයට පත්ව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ වගේ ගො# මොළ හින්දා තමයි රට ආපස්සට යන්නේ..කාදිනල් හිමිලනේ බෝ#බ උඩ දාගෙන ගියේ
03:47
Video thumbnail
වංචාවේ අගමුල හොයන්න ඕනි නම් විගණකාධිපති වාර්තාව නීතිපතිවරයට යොමු කරන්න
04:26
Video thumbnail
රාජිත හිනාවෙවී ආණ්ඩුව කිව්ව කියමන..වහලා තියෙන ලාල්කාන්තගේ ගෙදරට STF එකත් දාලනේ
02:45
Video thumbnail
කොහොමද ඉන්දීය උප ජනාධිපතිට දුන්න දැඩි ආරක්ෂාව
01:09
Video thumbnail
කොහොමද දිවයිනට ආ ඉන්දීය උප ජනාධිපතිට දුන්න දැඩි ආරක්ෂාව
01:33
Video thumbnail
ඉතිහාසයේ වෙච්ච වැරදි කියන එක සාධාරණ නෑ - මේක ලංකාවේ වෙච්ච විශාලම හොරකම..
04:30
Video thumbnail
මගීන්ගෙන් වැඩිපුර සල්ලි ගත්ත බස්වලට වැඩ වැරදුණු හැටි
01:24
Video thumbnail
මගීන්ගෙන් වැඩිපුර සල්ලි ගත්ත බස්වලට වැඩ වැරදුණු හැටි.."කොන්දොස්තර වැඩිපුර ගත්ත සල්ලි දෙන්න"
07:27
Video thumbnail
"අම්මෝ මගේ පුතා..වැඳලා කතා කරලා ආවේ"පුතා කරගත්තු විනාශය දැක්ක අම්මා හඬා වැටෙයි
01:36
Video thumbnail
ඇඳගල නබඩ වැව තුළ තිබී ජීව අත්බෝම්බයක් දිය නෑමට පැමිණි පුද්ගලයෙකුට හමුවෙයි
00:57