spot_imgspot_img

කපා කොටා ඝාතනය කරන්නා STF අත්අඩංගුවට

අපරාධ කල්ලි සාමාජිකයින්වන නිපුන සහ චාමර යන අයගේ ප්‍රධානතම ගෝලයෙකු වන කපා කොටා ඝාතනය කරන්නා ලෙස ප්‍රසිද්ධයට පත් ‘කන්නයියා’ නැමැති පුද්ගලයා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී T56 උණ්ඩ යෙදිය හැකි මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ද සොයා ගැනීමට හැකි වූ බවයි විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සඳහන් කළේ.

ඊයේ (08) රාත්‍රියේ කොළඹ 14, මහවත්ත පාර ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමක දී මෙම සැකකරු අත්දන්ගුවට ගැනීමට හැකිව ඇති අතර, සැකකරු 18 හැවිරිදි වියේ පසුවන බවයි වාර්තා වුණේ.

මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලිසිය වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.

සැකකරුට එරෙහිව පුද්ගලයින් කපා කොටා ඝාතනය කිරීමේ චෝදනා 03ක් ඇති අතර, තියුණු ආයුධවලින් ප්‍රහාර එල්ලකර තුවාල සිදුකිරීම සම්බන්ධයෙන්වන චෝදනා 05ක් ඇති බවයි වාර්තා වුණේ.

04
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
6
+1
20
+1
11
+1
9
+1
6
+1
15
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?