කදුකර ජනතාවගේ ඉඩම් අයිතිය සහ මූලික අයිතිවාසිකම් ලබා දෙන ලෙස බල කරමින් හැටන් නගරයේ ඔරලෝසු කණුව ඉදිරියයේ අද (15) දින උද්ඝෝෂණයක් පැවැත්වුණා.
කදුකර ජනතාවගේ ඉඩම් අයිතිය සඳහා වූ ව්‍යාපාරයේ සහ සමාජ ක්‍රියාකාරි සංවිධාන කිහිපයක් එකතුවී මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණා.
මෙම උද්ඝෝෂණයේදි අදහස් දැක්වූ කඳුකර ජනතාවගේ ඉඩම් අයිතිය සඳහා වූ ව්‍යාපාරයේ කැදවුම්කරු එස්.ගනේෂලිංගම් ප්‍රකාශ කළේ, 1947 මෙරටට නිදහස ලැබීමෙන් පසු රටේ අනෙකුත් ජනතාවට ලබා දී ඇති අයිතිවාසිකම් කඳුකරයේ ජනතාවට ලැබී නොමැති බවයි.
වතුකරයේ ජනතාවට ඉඩම්වල අයිතිය මෙතෙක් ලබා දී නොමැති බවත්, වතු ආශ්‍රිතව මුඩු ඉඩම් සහ හිස් ඉඩම් ඕනෑ තරම් තිබියදී, එම ඉඩම් වතුකරයේ ජනතාවට ලබා දීමට හැකියාව තිබියදී, එම ඉඩම් වතුකරයේ ජනතාවට ලබා නොදීම තුලින් එම ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංගණය වී ඇති බවත් ඔහු චෝදනා කළා.
