spot_imgspot_img

කතරගම පාසල් ලබන 19 වනදා සිට ජූලි 05 වනදා දක්වා වැසේ

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය හේතුවෙන් කතරගම ඇති සියලු පාසල් මෙම මස 19 දින සිට වසා දැමීමට තීරණය කර තිබෙනවා.

තණමල්විල කලාප අධ්‍යාපන කාර්යාලය සඳහන් කළේ මෙලෙස නිවාඩු ලබා දෙන පාසල් ජූලි මස 05 වනදා යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවයි.

මෙවර කතරගම ඇසළ පෙරහර මංගල්‍යය මෙම මස 19 වැනි දින ආරම්භ වී ජූලි මස 03 දින දක්වා පැවැත්වෙනවා.

මේ අතර පෙරහර මංගල්‍යයේ ආරක්ෂාව සඳහා පැමිණෙන පොලිස් නිලධාරීන්ට නවාතැන් ලබාදීම සඳහා පාසල් තුනක ගොඩනැගිලි පොලිස් දෙපාර්තමේන්තුව විසින් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
7
+1
2
+1
0
+1
1
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?