කඩ තුනක් කැඩූ හොරෙක් (වීඩියෝ)

පොළොන්නරුව, ජයන්තිපුර, 22 හංදිය ප්‍රදේශයේ වෙළඳසැල් තුනකට ඊයේ (30) අලුයම් කාලයේ පුද්ගලයෙකු ඇතුළු වී රුපියල් 14 ලක්ෂයකට අධික මුදලක් සොරාගෙන ගොස් ඇති බව හිඟුරක්ගොඩ පොලීසිය පවසනවා.

එක් වෙළඳසැලකින් රුපියල් ලක්ෂ 12ක්, තවත් වෙළඳසැල් දෙකකින් රුපියල් ලක්ෂ දෙකක් සහ දසදහස බැගින් මෙලෙස සොරාගෙන ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සොරකමට සම්බන්ධ සැකකරු සොයා මේ වනවිට විමර්ශන ආරම්භකර ඇති අතර, එම පුද්ගලයා වෙළඳසැල් වලට ඇතුල්වන ආකාරය මෙලෙස ආරක්ෂිත කැමරාවල සටහන් වී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
1
කුජීතයි !
1
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?