කට කතාවල කියන පරිදි අත්‍යාවශ්‍ය ඖෂධවල හිඟයක් නැහැ

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 14ක් සැපයීම සඳහා චීනය විසින් ලබා දී ඇති ඇ.ඩො. මිලියන 28 ක ප්‍රදානය යොදාගෙන ඇති බවත් කටකතාවල සදහන් පරිදි අත්‍යවශ්‍ය ඖෂධ හිගයක් නොමැති බවත්  සෞඛ්‍ය අමාත්‍ය ගරු  කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ රට තුළ අතවශ්‍ය ඖෂධ හිඟයක් පැවතීම පිළිබදව පැතිර යන තොරතුරු  සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.

තවද, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අවශ්‍යතා සපුරාලීම සඳහා ඉන්දියානු ණය මාර්ගයෙන් ඩොලර් මිලියන 200 ක ප්‍රතිපාදන වෙන් කර ඇති බව අමාත්‍යවරයා පැහැදිලි කළේය. ඊට අමතරව ඉන්දියානු ණය මාර්ගයෙන් ලැබුණු ඩොලර් බිලියන 1 න් ඉතිරි ඩොලර් මිලියන 35 ක් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය අමාත්‍ය ගරු කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙම කරුණු අනාවරණය කළේ පසුගියදා (නොවැ. 24) පාර්ලිමේන්තුවේ දී පැවැති සෞඛ්‍ය අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?