Fly high Get bonus Aviator Phone

කංචන, අනුරට ප්‍රසිද්ධ විවාදයකට අභියෝග කරයි

ගල් අඟුරු සහ ඉන්ධනවලින් කොමිස් ගත්තා යැයි කියනවා නම් එය ඔප්පු කිරීම සඳහා ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකට ආරාධනා කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඕනෑම ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවක විවාදයකට පැමිණෙන ලෙසයි බලශක්ති අමාත්‍යවරයා අභියෝග කර සිටියේ.

බලශක්ති සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයන්හි වැය ශීර්ෂ පිළිබඳ විවාදයේ අද (12) දින පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් කංචන විජේසේකර අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

“එතුමාට මම අභියෝහ කරනවා ගල් අඟුරු සම්බන්ධයෙන් හෝ ඉන්ධන සම්බන්ධයෙන් පහුගිය මාස දහඅටක කාලය තුළ යම් චෝදනාවක් තියනවා නම් මට හෝ ජනාධිපතිවරයාට හෝ අපේ ආණ්ඩුවට එළියේ, එතුමාට ඕන නම් නඩු කටයුත්තකට යන්න පුළුවන්. මම කැමතියි මේ පාර්ලිමේන්තුවේ කාලය ගන්නේ නැතුව එතුමා විවාදයකට එනවා නම් මේ බලශක්තිය පිළිබඳව, එතුමා තොරතුරු අරගෙන එනවා නම් මම එනවා ඕනෑම ප්‍රසිද්ධ විවාදයකට එතුමත් එක්ක.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
12
+1
1
+1
0
+1
4
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?