Empty Ad
AFC Banner
Empty Ad

ඖෂධ නියාමන අධිකාරියේ තීරණයකට කෝප් කමිටුවේ විරෝධය

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාරගේ සභාපතීත්වයෙන් රැස්වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට (කෝප් කමිටුව) ජාතික ඖෂධ නියාමන අධිකාරිය කැඳවා තිබුණා.

මෙහිදී 2019 සහ 2020 වර්ෂ සඳහා වන විගණකාධිපති වාර්තා හා වර්තමාන කාර්ය සාධනය පිළිබඳ පරීක්ෂා කිරීමටයි නියමිතව තිබුණේ.

එහෙත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පසුගිය අගෝස්තු 18 වනදා ගත් තීරණයක් මත විගණකාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලය විසින් අධිකාරියෙන් තොරතුරු ඉල්ලා සිටීමේදී ලිඛිත ඉල්ලීම් සිදු කළ යුතු බවට තීරණය කර ඇති බවත් මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් විගණකාධිපතිවරයාට පැවරී ඇති බලතල උල්ලංඝනය කිරීමක් බවත් කෝප් කමිටුව පෙන්වා දී තිබෙනවා.

මේ හේතුවෙන් මෙය පාර්ලිමේන්තුවට පැවරී ඇති බලතල උල්ලංඝනය කිරීමක් බවයි කෝප් කමිටුවේ අදහස වූයේ. එසේම මෙම අධ්‍යක්ෂ මණ්ඩල තීරණය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා නොදැනුවත් බව ද මෙහිදී අනාවරණය වුණා.

විශේෂයෙන්ම මෙම තීරණය මගින් විගණකාධිපතිවරයාගේ ස්වාධීනත්වයට බලපෑමක් සිදු වන බවත් මෙම තත්ත්වය සිදු නොවිය යුත්තක් බවත් කෝප් කමිටුවේ සභාපතිවරයා පෙන්වා දෙනු ලැබූ අතර කෝප් කමිටුව පැමිණි නිලධාරීන්ට දැඩි අවවාද ලබාදීම ද සිදු කෙරුණා.

මෙහිදී කෝප් කමිටුව විසින් ප්‍රධාන තීන්දු තුනක් ජාතික ඖෂධ නියාමන අධිකාරියට ලබාදී තිබෙනවා.

එනම්

  1. විගණකාධිපතිවරයාගේ බලතලවලට අනුගත වී කටයුතු කරන ලෙස සදහන් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති සියලු ආයතන ප්‍රධානීන්ට අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කිරීම
  2. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය ගත් තීරණය අත්හිටුවීම
  3. විගණකාධිපතිවරයා විසින් නිර්දේශ කරනු ලබන දිනයක නැවත ජාතික ඖෂධ නියාමන අධිකාරිය කෝප් කමිටුවට කැඳවීම එම තීරණයන් වුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහියංගනයේ අලි රංචු පිටින් ගම් වදී - ගොවියෙක් ප්‍රා.ලේ කාර්යාලයට ගිහින් වන්දි ඉල්ලා ඩෙගා නටයි
34:42
Video thumbnail
STF මෙහෙයුමෙන් ඩුබාහි සැඟව සිටින ලලිත් කන්නංගරගේ බිල්ලක් ව්‍යර්ත වෙයි
01:55
Video thumbnail
බටලන්ද වදකාගාරය පොලීසියට සම්බන්ධයි - තිත්ත ඇත්ත මෙන්න
10:05
Video thumbnail
KASTHIRAMA | බටලන්ද දුක් කන්ද කොයිබටද ? විශේෂ කස්තිරම දේශපාලන වැඩසටහන සජීවීව
01:27:01
Video thumbnail
මහජන මුදල් හොරා කාපුවා - තාජුඩීන් ගැන හොයනවා කියලා ආවේ - දැන් බටලන්දක් අල්ලගෙන දඟලනවා
07:15
Video thumbnail
අම්බලන්ගොඩ රත් කළ වෙ#ඩිල්ල - බුදුන් පාමුල නිරුද්ධ කළ ප්‍රාණය
02:44
Video thumbnail
බටලන්දට විතරක් - ඉර එලිය වැටිලා වැඩක් නෑ - උවිඳු විජේවීර ආණ්ඩුවට වටෙන් ඇන්න ටොක්ක
10:03
Video thumbnail
ජනපති අනුර කුමාර දිසානායකගේ සහභාගීත්වයෙන් විශේෂ ඉෆ්තාර් උත්සවයක්
02:57
Video thumbnail
කුණ්ඩසාලේ බලය සජබය අතට ගනී
11:43
Video thumbnail
හැටන් ස්ටේෂන් එකේ එක විජ්ජුම්බරයයි - අග ඉඳලා මුලට වෙච්ච සිදුවීම මෙන්න
04:49

?