ඖෂධ නියාමන අධිකාරියේ තීරණයකට කෝප් කමිටුවේ විරෝධය

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාරගේ සභාපතීත්වයෙන් රැස්වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට (කෝප් කමිටුව) ජාතික ඖෂධ නියාමන අධිකාරිය කැඳවා තිබුණා.

මෙහිදී 2019 සහ 2020 වර්ෂ සඳහා වන විගණකාධිපති වාර්තා හා වර්තමාන කාර්ය සාධනය පිළිබඳ පරීක්ෂා කිරීමටයි නියමිතව තිබුණේ.

එහෙත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පසුගිය අගෝස්තු 18 වනදා ගත් තීරණයක් මත විගණකාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලය විසින් අධිකාරියෙන් තොරතුරු ඉල්ලා සිටීමේදී ලිඛිත ඉල්ලීම් සිදු කළ යුතු බවට තීරණය කර ඇති බවත් මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් විගණකාධිපතිවරයාට පැවරී ඇති බලතල උල්ලංඝනය කිරීමක් බවත් කෝප් කමිටුව පෙන්වා දී තිබෙනවා.

මේ හේතුවෙන් මෙය පාර්ලිමේන්තුවට පැවරී ඇති බලතල උල්ලංඝනය කිරීමක් බවයි කෝප් කමිටුවේ අදහස වූයේ. එසේම මෙම අධ්‍යක්ෂ මණ්ඩල තීරණය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා නොදැනුවත් බව ද මෙහිදී අනාවරණය වුණා.

විශේෂයෙන්ම මෙම තීරණය මගින් විගණකාධිපතිවරයාගේ ස්වාධීනත්වයට බලපෑමක් සිදු වන බවත් මෙම තත්ත්වය සිදු නොවිය යුත්තක් බවත් කෝප් කමිටුවේ සභාපතිවරයා පෙන්වා දෙනු ලැබූ අතර කෝප් කමිටුව පැමිණි නිලධාරීන්ට දැඩි අවවාද ලබාදීම ද සිදු කෙරුණා.

මෙහිදී කෝප් කමිටුව විසින් ප්‍රධාන තීන්දු තුනක් ජාතික ඖෂධ නියාමන අධිකාරියට ලබාදී තිබෙනවා.

එනම්

  1. විගණකාධිපතිවරයාගේ බලතලවලට අනුගත වී කටයුතු කරන ලෙස සදහන් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති සියලු ආයතන ප්‍රධානීන්ට අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කිරීම
  2. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය ගත් තීරණය අත්හිටුවීම
  3. විගණකාධිපතිවරයා විසින් නිර්දේශ කරනු ලබන දිනයක නැවත ජාතික ඖෂධ නියාමන අධිකාරිය කෝප් කමිටුවට කැඳවීම එම තීරණයන් වුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවා පෙදෙසේ AC එකක්වත් වැඩ නෑ..මිනිස්සු හූරන් කන ආකාරයට මුදල් අය කරන්නේ
01:42
Video thumbnail
එළොව ගිය සහකාර අධ්‍යක්ෂකවරයා ගැන හර්ෂ සංවේදී වී කිව්ව දේ..සියලුම සාමාජිකයින්ට කම්පනයක් වුණා
00:57
Video thumbnail
"ඔව් දැවැන්ත හොරකමක් වෙලා තියෙනවා"අහිමිවුණ ඩොලර් මිලියන 2.5 ගැන හර්ෂගෙන් ප්‍රබල හෙළිදරව්වක්..
08:39
Video thumbnail
රටේ ඉතිහාසය අලුත් කරන මැයි දිනයක් බවට මේක පත්වෙනවා..21ම ඉතාම ඉහළින් සාර්ථක වෙනවා
06:20
Video thumbnail
මුළු කොලඹම කැළඹෙයි - බලය පෙන්නන්න හදන පරණ සෙල්ලම ආයෙත් එළියට
04:10
Video thumbnail
ඥානසාර හිමිගෙන් ක්‍රිකට් ආයතනය ගැන ඇස් උඩයන හෙළිදරව්වක් - මට හෙට තව නඩුවක් වැටෙයි
02:29
Video thumbnail
අභිරහස් ලෙස එළොව ගිය සහකාර අධ්‍යක්ෂකගේ නිවසේ නවතම දර්ශන
01:15
Video thumbnail
🔴Breaking News
09:34
Video thumbnail
අභිරහස් ලෙස එළොව ගිය සහකාර අධ්‍යක්ෂකගේ නිවසේ නවතම දර්ශන..ගම්මු වටවෙයි - පොලිසියත් එයි
02:13
Video thumbnail
භාණ්ඩාගාර සිද්ධියට වැඩ තහනම් වූ එක් අයෙක් අභිරහස් ලෙස එළොව යයි
00:51