ඖෂධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණ ක්‍රියාවළිය පුළුල් කිරීමට විශේෂ සාකච්ඡාවක්

ඖෂධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණ කටයුතු නිසි ප්‍රමිතියෙන් පවත්වාගෙන යාමේ ක්‍රියාවළිය පුළුල් කිරීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී ඊයේ (24) පැවැත්වුණා.

මෙම සාකච්ඡාවේදී ඖෂධවල ප්‍රමිතිය පවත්වාගෙන යාමේ ක්‍රියාවළිය පුළුල් කිරීමේ දී ඖෂධ තත්ත්ව පරීක්ෂණ කටයුතු ඉතා ක්‍රමවත්ව හා විධිමත් වැඩපිළිවෙලක් යටතේ සිදු කිරීම පිළිබඳව මූලික අවධානය යොමු කරමින් සාකච්ඡා සිදු කර ඇති බවයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වුණේ.

ඒ අනුව විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය (Sri Lanka Institute of Nanotechnology – SLINTEC), ශ්‍රී ලංකා ජෛව තාක්‍ෂණ ආයතනය (Sri Lanka Institute of Biotechnology – SLIBTEC), කාර්මික තාක්ෂණ ආයතනය (Industrial Technology Institute – ITI), ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (Sri Lanka Standards Institution – SLSI) සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA), ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනය (MRI) යන ආයතන නියෝජනය කරමින් නිලධාරීන් මෙම සාකච්ඡාව සඳහා එක්ව තිබෙනවා.

මෙහි දී ඉහත ආයතන පරීක්ෂණ රසායනාගාර මගින් ඖෂධ තත්ත්ව පරීක්ෂණ කටයුතු සිදු කිරීම මෙන්ම ඉහත ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වාගෙන යාම, එම ක්‍රියාවලි තුළ ප්‍රවර්ධනය කළ යුතු පරිමාවන් ඉහළ නැංවීම මෙන්ම ලබාදෙන ඖෂධ තත්ත්ව පරික්ෂණ වාර්තා පිළීබඳ ජාතික ඖෂධ නියාමන අධිකාරියට පැනනගින ගැටළු සහ අධීක්ෂණය කළ යුතු කරුණු ආදිය පිළිබඳව සාකච්ඡාවට බඳුන් වී ඇති බවයි වාර්තා වන්නේ.

ඖෂධ තත්ත්ව පරීක්ෂණ කටයුතු ජාතික ඖෂධ නියාමන අධිකාරියේ තත්ව පරීක්ෂණ විද්‍යාගාරය තුළින් සිදු කර ගැනීමේ දී යම් සීමාවන් පවතින බව නිරීක්ෂණය වන බැවින් ඉදිරියේ දී එම කටයුතු තවදුරටත් විධිමත් හා පුළුල් වැඩසටහනක් ලෙස ඉහළ නැංවීම සඳහා ද වැඩපිළිවෙළක් අවශ්‍ය වන බවත් ඒ සඳහා යම් කාලයක් ද ගත වන බැවින් රජයේ යටතේ පවතින ආයතන හරහා එම කටයුතු යම් ආකාරයකින් සිදු කර ගැනීමේ හැකියාව පිළිබඳව සොයා බැලිය යුතු බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මෙහිදී පවසා තිබෙනවා.

ඖෂධ සැපයුම් ක්‍රියාවළියට බාධාවක් නොවන පරිදි මෙහිදී ගැටළු සහගත සහ ප්‍රශ්ණ සහගත ඖෂධ සඳහා මෙම වැඩපිළිවෙළේ දී ප්‍රමුඛතාවය ලබාදිය යුතු බවත් සියලු ආයතන එක්ව මෙම වැඩපිළිවෙල නිවැරදි දැක්මක් සහිතව ක්‍රියාත්මක කළ යුතු බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර ඇති බව අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්.

මෙම සාකච්ඡාව සඳහා සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් වයි.එල්. මොහමඩ් නවවි, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විඡේවික්‍රම සහ අධ්‍යක්ෂ ජනරාල් මෙන්ම ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කේ.එම්.ජී.කේ බණ්ඩාර යන අය සහ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ වන ආයතන නියෝජනය කරමින් නිලධාරින් පිරිසක් සහභාගී වී සිටියා.

  1. My best openion is to import drugs on BP or USP standards. There are several Government organisations doing labotary testing of Drugs. Why not distributed among for testing samples of imported grugs before coming ro our land until NMRA expand the labortary facility to cater full capacity’



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15