ඔන්මැක්ස් වංචාවට හසු වූ සැමගේ පැමිණිලි භාර ගැනීමට ක්‍රමවේදයක් සකසන්න – අධිකරණය නියෝග කරයි

ඔන්මැක්ස් ටී. ඩී (Onmax TD) පිරමීඩ යෝජනා සැලැස්මට අදාළව මුදල් ආයෝජනය කර මේ වනවිට (25) මුදල් අහිමිවී සිටින තැන්පත්කරුවන්ට පැමිණිලි කිරීමට සුදුසු අකෘතියක් පිළියෙල කර ලංකාවේ සියලුම පොලිස් ස්ථානවලට යොමු කරන ලෙසත්, එම පැමිණිලි භාර ගන්නා ලෙසත් ලංකාවේ සියලුම පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන්ට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කර තිබෙනවා.

එමෙන්ම එම නියෝගවල පිටපතක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන ) වෙත යවන ලෙස ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බවයි අප අධිකරණ වාර්තාකරු පැවසුවේ.

මෙම පිරමීඩ ජාවාරමට අදාළ නඩුව අද (25) කැඳවනු ලැබු අවස්ථාවේ දී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කළා.

මෙම නඩුවේ විත්තිකරුවන් සියලුම දෙනා අධිකරණය හමුවේ පෙනී සිටි අතර නඩුවේ තැන්වැනි විත්තිකරු වන සමාගමේ අධ්‍යක්ෂවරයකු වන සම්පත් සඳරුවන් නමැත්තා හට ලබන ඔක්තෝබර් 04 වැනිදා කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසත් ඔහුගේ දේපල සම්බන්ධයෙන් තක්සෙරු වාර්තා ලබා ගැනීම සඳහා අවශ්‍ය වන ඉඩම් හා නිවාසවල පිඹුරුපත් වාර්තා එදිනම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙසත් වැඩිදුරටත් නියෝග කළ බවයි වාර්තා වන්නේ.

පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සමග රජයේ අධිනීතිඥ ඔස්වල්ඩ් ලක්ෂ්මන් ප්‍රනාන්දු මහතා පෙනී සිටියා.

විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නිතිඥ අනුජ ප්‍රේමරත්න මහතා ඇතලු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටි අතර නඩුව නැවත ලබන ඔක්තෝබර් 23 වැනිදා කැඳවීමට ද නියෝග කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්ද ජයසිංහ, දැක්කොත් බුවා නොදැක්කොත් එබුවා
07:50
Video thumbnail
බොරු කියන ටොම් පචයන්ගේ ආණ්ඩුවක් පෙරළීමේ චේතනාවක් තුන් හිතකවත් නෑ..
04:41
Video thumbnail
කතාකරන්න දෙයක් නෑ යකෝ - දීපන් මගේ සල්ලී..Showroom එකක් ඇතුළේ යකා නටපු හැටි..
02:21
Video thumbnail
මෙයාලා අමු දූ#ෂිතයෝ - ලෝක හොරකමක්
25:04
Video thumbnail
ආණ්ඩුව දැන් තමයි හොරකම් කරන්න ඉගෙනගන්නේ
21:19
Video thumbnail
මත්ද්‍රව්‍ය ප්‍රශ්නයට තිත තියන්න ආනන්දගෙන් පියවර රැසක්..බැරෑරුම් පැත්තට උඩු දුවලා
10:20
Video thumbnail
RDA එකෙන් ඇවිත් මුළු ගමක්ම සුන්නද්දූලි කරයි..
00:25
Video thumbnail
ගුරු සංවර්ධන නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලය වටලයි
00:36
Video thumbnail
ගුරු සංවර්ධන නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලය වටලයි..දැඩි පොලිස් ආරක්ෂාවක් දාලා
01:51
Video thumbnail
වන්දනා ගමනත් සුනු විසුණු කරමින් බස් රථය අළු කළ ගින්න
01:54


?