එල්නිනෝ බලපෑමේ සම්භාවිතාව 100%යි, සියලුදෙනා එක්ව මුහුණදිය යුතුයි – සජිත් (වීඩියෝ)

එල්නිනෝ බලපෑමේ සම්භාවිතාව මේ වන විට 100%ක සම්භාවිතාවකට පැමිණ ඇති බැවින් සැවොම එකට එක්ව එයට සාර්ථකව මුහුණ දිය යුතු බව පක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

රටක ආණ්ඩුවක් විපක්ෂයක් සහ ලක්ෂ 220 ජනතාව සිටින නිසා මෙම එල්නීනෝ ලානීනාවල බලපෑම සැමටම එක හා සමානව මුහුණ දීමට ඇති නිසා සියලු දෙනා එකට එකතු වී මේ භයංකාර තත්ත්වය මඟහරවා ගැනිම කටයුතු කළ යුතු බවයි විපක්ෂ නායකවරයා පවසන්නේ.

දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදය අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියා.

එල්නීනෝ ලානීනා පිළිබඳව ජාත්‍යන්තර ආයතන කතා කිරීමට පෙර දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදය තුළ කතා කළ බවත්, දැන් මේ නිසා සිදුවන අගතිගාමී බලපෑම ගැන සැවොම කතා කරන බවත් විපක්ෂ නායකවටයා වැඩිදුරටත් සඳහන් කළා.