එයාර්පෝට් එකට සූර්ය‍ය බලශක්ති උත්පාදන ව්‍යාපෘතියක් (ඡායාරූප)

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සූර්ය බලශක්ති උත්පාදන ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා.

ඒ ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) පුද්ගලික සමාගම තිරසාර සංවර්ධන ඉලක්ක සමග ඉදිරියට යමින් බලශක්ති ක්ෂේත්‍රයේ දිනපතා වර්ධනය වන අභියෝගවලට මුහුණදීම සඳහා පුනර්ජනනීය බලශක්ති කොටස වැඩි දියුණු කිරීමට පියවර ගැනීමත් සමගයි.

2023 නොවැම්බර් 20 වන දින, ගුවන් තොටුපොළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා (පුද්ගලික) සමාගම විසින් රුපියල් මිලියන 19ක් ආයෝජනය කරමිනුයි; මෙම ගුවන් තොටුපළේ මගී පර්යන්ත ගොඩනැගිල්ලේ වහලය මත කිලෝ වොට් 100 ක වෝල්ටීයතාවයකින් සමන්විත සූර්ය බල පද්ධති නියමු ව්‍යාපෘතියක් ආරම්භ කළේ.

ඒ අනුව විදුලි උත්පාදනය දිනකට කිලෝවොට් පැය 600 ක ධාරිතාවයක්, මසකට කිලෝවොට් පැය 18,000ක් වන පරිදි මෙමගින් ඇස්තමේන්තු කර ඇති අතර එම ජනනය කරන බලශක්තිය ශ්‍රී ලංකාවේ සාමාන්‍ය නිවාස 200ක් බල ගැන්වීමට තරම් ප්‍රමාණවත් වනු ඇති.

මෙම සූර්ය බලශක්ති ව්‍යාපෘතියේ සුවිශේෂී ම කරුණ වන්නේ, සම්පූර්ණ ව්‍යාපෘතිය සැලසුම් කිරීම සහ ස්ථාපනය කිරීම ගුවන් තොටුපොළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා (පුද්ගලික) සමාගමේ, විදුලි ඉංජිනේරු අංශය ප්‍රමුඛ අනෙකූත් ඉංජිනේරු අංශවල සේවක මණ්ඩලයෙන් විසින් පමණක් සිදු කිරීමයි.

ව්‍යාපෘතියේ පිළිගෙවුම් කාලය මාස 20 ක් පමණ වනු ඇති.

දැනට, ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) පුද්ගලික සමාගම විසින් නව එකතු කිරීමක් ඇතුළුව කිලෝවොට් 210 ක ධාරිතාවක් සහිත සූර්ය බල පද්ධතියක් ස්ථාපනය කර ඇති අතර, ලබන වසරේ තවත් කිලෝවොට් 1,800 ක ධාරිතාවක් පද්ධතියට එක් කිරීමට සැලසුම් කර තිබෙනවා.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ යනු ශ්‍රී ලංකාවේ විශාලතම විදුලි පාරිභෝජනය සිදු කෙරෙන ආයතන අතුරින් එකක් වන අතර 2024 වසර අවසන් වන විට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පුනර්ජනනීය බලශක්ති නිපැයුම එහි මුළු බලශක්ති ඒකක පරිභෝජනයෙන් 10% දක්වා වැඩි කිරීමට ද සැලසුම් කෙරුණා.

WhatsApp Image 2023 11 23 at 10.20.39
WhatsApp Image 2023 11 23 at 10.20.40 1
WhatsApp Image 2023 11 23 at 10.20.40 2
WhatsApp Image 2023 11 23 at 10.20.40


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21