එජාපයේ විශේෂ මහා සම්මේලනය අද කොළඹ දී

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (21) පැවැත්වෙනවා.

අද (21) පස්වරු‌ 02.00ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී මෙම සම්මේලනය පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

“Smart Country – ජයගමු 2048” යන්න මෙවර සමුළුවේ තේමාව වී තිබෙනවා.

නව ලොවට මුහුණදෙමින් අනාගත පරම්පරාවට පහසුවෙන් රට ගොඩනැගීමට හැකි දේශපාලන පක්ෂයක් ලෙස පරිවර්තනීය වෙනසක් කිරීම සඳහා පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම ද මෙහිදී සිදුකිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?