එංගලන්ත තරග සංචාරයේ විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය, හිටපු නායක චරිත් අසලංකට පැවරී තිබෙනවා.
ඒ, නායක කුසල් මෙන්ඩිස් ආබාධ තත්ත්වයෙන් තවමත් පූර්ණ සුවය නොලැබීම හේතුවෙන්.
පසුගිය LPL තරගාවලිය අතරතුර ආබාධයට ලක්වූ කුසල් මෙන්ඩිස්, මීට පෙර මෙම සංචිතය සඳහා නම් කළ ද, මේ වන තෙක් ඔහුගේ ආබාධ තත්ත්වය සුව නොවීම හේතුවෙන් ඔහුව සංචිතයෙන් ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව, කණ්ඩායමේ නායකත්වය උප නායක චරිත් අසලංකට හිමිව තිබෙනවා.
එමෙන්ම ශ්රී ලංකා සංචිතය සඳහා නම්කර සිටි වමත් වේගපන්දු යවන ක්රීඩක බිනුර ප්රනාන්දු ද ඇති වූ අබාධ තත්ත්වයක් හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත්කර ඇති අතර ඒ වෙනුවට වමත් වේගපන්දු යවන ක්රීඩක දිල්ෂාන් මදුශංක සංචිතයට කැඳවා ඇති බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය පවසනවා.













