එංගලන්තය සමඟ අවසන් එක්දින තරගය හෙට – වනිඳු හෙට තරගයට

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක එංගලන්ත කණ්ඩායම අතර තුන්වන සහ අවසන් එක්දින තරගය හෙට (26) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පවැත්වීමට නියමිතයි.

තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය මේ වනවිට දෙපිළම එක් තරගය බැගින් ජයගෙන තිබීම හේතුවෙන් හෙට පැවැත්වෙන තරගය දෙපිළටම තීරණාත්මක වනවා.

මේ අතර අවසන් එක්දින තරගය පෙර අද (26) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවති මාධ්‍ය හමුවකට ශ්‍රී ලංකා නායක චරිත් අසලංක සහභාගී වුණා.

මෙහිදී අදහස් දක්වමින් නායක චරිත් අසලංක සඳහන් කළේ හෙට තරගය සඳහා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ක්‍රීඩා කිරීමට නියමිත බවයි.

කෙසේ වෙතත් වනිඳු හසරංග හෙට තරගයට ක්‍රීඩා කිරීමේ දී කණ්ඩායමෙන් ඉවත්වන ක්‍රීඩකයා පිළිබඳව මාධ්‍යවේදීන් මෙහිදී ශ්‍රී ලංකා නායකයාගෙන විමසා සිටියා.

එහිදී ඔහු පැවසුවේ කණ්ඩායමෙන් ඉවත් කරන ක්‍රීඩකයා සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නොමැති බවයි.

මේ අතර මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් චරිත් අසලංක සදහන් කළේ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය අවසන් වූ පසු තේරීම් කමිටුව සමඟ සාකච්ඡාකර 2027 එක්දින ලෝක කුසලානය සදහා සැලසුමක් ලෙස ක්‍රීඩකයින් අත්හදාබැලීමට කටයුතු කරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02