උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග අවසන්වූ පසු සිසුන්ට වෘත්තීය පුහුණුව

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ විභාග අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසනවා.

අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ, මෙවර උසස් පෙළ විභාගය පවත්වා අවසන් වූ වහා ම උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සඳහා පැවැත්වීමට සැලසුම් කර ඇති වෘත්තීය පුහුණු පාඨමාලා දීපව්‍යාප්ත මට්ටමින් ආරම්භ කරන බවයි.

ඉදිරියේ දී පවත්වනු ලබන සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් ද විභාගය අවසන් වීමෙන් පසු වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කරන බවයි ඔහු සඳහන් කළේ. උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාගවලට පෙනී සිටින සිසුන්ගෙන් 50%කට වැඩි පිරිසක් මෙම පාඨමාලා සඳහා සහභාගී වනු ඇතැයි අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා කියා සිටියා.

අධ්‍යාපන අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, ගිංතොට සහිරා විද්‍යාලයේ සියවස් සැමරුම් උත්සවයට එක් වෙමින්.

මෙවර පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගයෙන් පසු පාසල් පොකුරු සංකල්පය ද භාවිත කරමින් ආරම්භ කරන මෙම වෘත්තීය පුහුණු පාඨමාලාව පැවැත්වීම වැනි මානව සම්පත් කළමනාකරණ පුහුණු වැඩසටහන් ක්‍රියාවට නැංවීම මගින් මෙරට තරුණ පරපුරේ රැකියා විරහිතභාවය අවම කර නවෝත්පාදන බලගන්වා තාක්ෂණික වෘත්තීය ක්ෂේත්‍රයේ වර්ධනයක් අපේක්ෂා කරන බව සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා කියාසිටියා.

එය රට මුහුණ දී සිටින වත්මන් ආර්ථික සමාජ අභියෝගයන් ජයගැනීමට පිටුබලයක් වනු ඇති අතර අධ්‍යාපන පරිවර්තනීය ක්‍රියාදාමයේ එක් සංධිස්ථානයක් වනු ඇති බව ද හෙතෙම සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12
Video thumbnail
මුජිබුර් බිමල්ට රිදෙන්නම දෙයි - ඔයාලා තමයි දූෂිතයින්ව ගෙනාවේ
05:21
Video thumbnail
ශිරන්තිව බලන්න මහින්ද වැලිකඩට එයි
00:37
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම නිසා මිහින්තලේ හිමිට යකා නගියි - මාලිමා ආණ්ඩුව අරහත් ධජය ගැලෙව්වා
06:39
Video thumbnail
ලක් අම්මව අත්අඩංගුවට ගත්තා ලු.. අපි පළිගන්නවා ලු
07:51
Video thumbnail
ඥානසාර හිමිගේ සිද්ධිය ගැන විමල්ගෙන් ප්‍රබල අනාවරණයක් - බන්ධනාගාර නිලධාරින්ට චෝදනාව දාන්නද යන්නේ ?
08:48
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවපු එකට විරුද්ධව භික්ෂූන් වහන්සේලා පාරට බහී
06:27
Video thumbnail
මට පුදුමයි, මම ජීවත් වෙන්නේ ලංකාවේ ද..?
08:15
Video thumbnail
මම ඥානසාර හිමිගේ සිවුර ගලවන්න ගියේ නෑ - මට අයිතියක් නෑ
07:04
Video thumbnail
චමින්ද විජේසිරි පාර්ලිමේන්තුව දෙවනත් කරයි - සභානායකට බලය දීලා කථානායක චොරවෙලා ඉන්නේ
02:06