Empty Ad
AFC Banner
Empty Ad

උසස් නිලතල පිළිබඳ කාරක සභාවෙන් ඉහළ නිලතල දෙකකට අවසර

මහ කොමසාරිස්වරු දෙදෙනෙක් සහ තානාපතිවරයෙක් පත් කිරීම සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමි ව තිබෙනවා.

නව මහ කොමසාරිස්වරු දෙදෙනෙක් සහ තානාපතිවරයෙක් පත් කිරීම සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි වූ බවයි පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර පැවසුවේ.

ඒ අනුව, පාකිස්ථාන ඉස්ලාමීය ජනරජයේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස අද්මිරාල් (විශ්‍රාමික) රවීන්ද්‍ර චන්ද්‍රසිරි විජේගුණරත්නත්, කියුබා ජනරජයේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස අද්මිරාල් (විශ්‍රාමික) දමිත් නිශාන්ත සිරිසෝම උළුගෙතැන්නත් පත් කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමි වුණා.

නේපාලයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එයාර් චීෆ් මාර්ෂල් (විශ්‍රාමික) සුදර්ශන කරගොඩ පතිරණ පත් කිරීමට ද පාර්ලිමේන්තුවේ අවසරය හිමි වූ බවයි වාර්තා වන්නේ.

උසස් නිලතල පිළිබඳ කාරක සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් ඊයේ පාර්ලිමේන්තුවේ දී රැස් වුණු අතර, එහිදියි මෙම අනුමැතිය හිමිව ඇත්තේ.

මේ සඳහා අමාත්‍ය විදුර වික්‍රමනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තලතා අතුකෝරළ, උදය ගම්මන්පිල සහ (වෛද්‍ය) සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ යන පිරිස් එක් ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් එක්ක ඉස්සර ආණ්ඩු කරද්දී JVP එකට බටලන්ද මතක් වුණේ නැත්ද දන්නෑ .
Video thumbnail
හෙට සාමාන්‍ය පෙළ ලියන ළමයින්ට විශේෂ පණිවුඩයක්
08:25
Video thumbnail
වැලි පටවන් හැටට හැටේ ආපු ලොරිය පොලිස් ජීප් එකෙයි ලංගම බස් එකකයි වැදෙයි
05:20
Video thumbnail
ජන රැල්ල දිලිත්ට කැරකෙන ලකුණු - අපේ අනාගත ජනාධිපතිතුමාට ජයවේවා
01:00
Video thumbnail
ජන රැල්ල දිලිත්ට කැරකෙන ලකුණු - අපේ අනාගත ජනාධිපතිතුමාට ජයවේවා
02:07
Video thumbnail
88/89 ජීවනී පැකට් එක හොයාගත්ත මනුස්සයා ම#ලා දැම්මා - කරපුවා අහද්දී අපිටත් කඳුළු එනවා
05:21
Video thumbnail
මට කොස් රොටී මාමා කියලා කතා කරන්න - වඩු මඩුවක් ඇතුළේ දිලිත් කරපු සුපිරි කතාව
10:48
Video thumbnail
අපි දෙයක් කිව්වොත් කිව්වා - අපේ බොරු නෑ - ඇමති සමන්ත සහතික කරලා කියපු කතාව
11:26
Video thumbnail
ගොන් ආතල් ගන්න එපා මහත්තයෝ - ඉත්තෑකන්දේ හිමිට තදවෙයි
05:33
Video thumbnail
රාජ්‍ය නිලධාරීන්ට තර්ජනය කරන චණ්ඩි - සංවේදී පුද්ගලයින් නැරඹීමෙන්
03:34

?