උසස්පෙළ විභාගයට මුහුණ දෙන අපේක්ෂකයින්ට විශේෂ දැනුම්දීම් කිහිපයක්

2025 අධ්‍යන උසස්පෙළ විභාගය හෙට (10) ආරම්භ වනවා.

හෙටින් ඇරඹෙන උසස්පෙළ විභාගය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අද (09) පස්වරුවේ විභාග දෙපාර්තමේන්තු දී පැවැත් වුණා.

ඒ, විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ ප්‍රධානත්වයෙන්.

එහිදී කොමසාරිස් ජෙනරාල්වරිය විභාග අපේක්ෂකයින්ට දැනුම් දුන්නේ විභාගය ආරම්භයට පැයකට පෙර විභාගය පැවැත්වෙන මධ්‍යස්ථානය වෙත පැමිණ සිටිය යුතු බවයි.

එමෙන්ම විභාගය ආරම්භයට පැය භාගයකට පෙර විභාගය පැවැත්වෙන ශාලාවේ අසුන්ගෙන සිටිය යුතු බවත් ඇය මෙහිදී ඇය විභාග අපේක්ෂකයින්ට දැනුම් දුන්නා.

ඊට අමතරව විභාගය පැවැත්වෙන සම්පූර්ණ කාලය තුළ අපේක්ෂකයින් ඔවුන්ගේ මුව සහ දෙකන් නිරාවරණය කර සිටිය යුතු බවත් ඇය මෙහිදී අවධාරණය කළා.

විභාග අපේක්ෂකයින් සන්නිවේදන උපකරණ පැළඳගෙන විභාග වංචා සිදුකරන්නේ ද යන්න නිරීක්ෂණය කිරීම සඳහා මෙලෙස ඔවුන්ගේ මුව සහ දෙකන් නිරාවරණයගෙන සිටීම අනිවාර්ය බවයි විභාග කොමසාරිස් ජෙනරාල්වරිය වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර විභාගය පැවැත්වීම පිළිබඳව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති කාලසටහන සම්බන්ධයෙන් අවධානය යොමුකරන ලෙසයි විභාග අපේක්ෂකයින්ට සහ ඔවුන්ගේ දෙමව්පියන්ට දැනුම් දෙන්නේ.

හෙට (10) ආරම්භ වන උසස්පෙළ විභාගය දෙසැම්බර් 05 වනදා අවසන් වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
7
+1
0
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් වෙනුවෙන් කාන්තාවෝ මහ ජන ගඟක් හෝමාගමට එයි - "අනාගත නායකයට..ජයවේවා !"
01:06
Video thumbnail
යුවතියෝ ජන ගඟක් පේලි ගැසෙමින් නාමල් රාජපක්ෂ බලන්න හෝමාගමට...
00:51
Video thumbnail
ඩෙංගු නිසා ගමක් යකා නටයි කොළොන්නාවේ උණුසුම් තත්ත්වයක් - අවු:15ක් තිස්සේ..ඔයාලා චණ්ඩිකම් දානවා
07:59
Video thumbnail
පොලිස් නිලධාරීන්ගේ මේ හැසිරීම් අනුමත කළ හැකිද..?
02:47
Video thumbnail
ජාත්‍යන්තරය ජයගත් මහේන්ද්‍ර පෙරේරා සතුට වචනවලට පෙරලුව අයුරු - OMG..Super Amazing Feeling..
02:15
Video thumbnail
"අපේ දුක දැක්කේ සජිත් මහත්තයා විතරයි" - තරුණයෙක් සහ තරුණියක් සජිත්ට දුන්නු ක්‍රෙඩිට් එක..
01:02
Video thumbnail
රු. කෝටි 20කට අධික හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් එක්ක ගුවන් මගියෙක් කටුනායකින් මාට්ටු
01:37
Video thumbnail
කිරිදිඔයේ දිය නෑමට ගිය හිමිනමක් දියේ ගි# අපවත් වෙයි - දානයකට ඇවිත් අත්වූ ඛේදනීය ඉරණම
01:04
Video thumbnail
කුණු ගොඩකින් වැසුණු මාපලගම බස් නැවතුම්පොළ - ඩෙංගු මදුරුවෝ පිරිලා..කිසිම ක්‍රියාමාර්ගයක් නෑ
03:08
Video thumbnail
ශ්‍රී ලංකාවේ නම ලෝකයට අරන් ගිය ජපානයේ නුඩ්ල්ස් දන්සල - ජපන් ජාතිකකයෝ එක පෙළට දන්සලේ
02:01