උපන්දින සාදයක් පැවති නිවසට ගිනි තැබූ සැකකරුවන් රිමාන්ඩ් (ඡායාරූප)

වව්නියාවේ උපන්දින සාදයක් පැවැත්වෙමින් තිබූ ව්‍යාපාරික නිවසට ගිනි තබා නිවැසියන් ඝාතනය කිරීමට අදාළ සැකකරුවන් ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

වව්නියාව මහේස්ත්‍රාත් වසීම් අහමඩ් මහතායි අද මෙම නියෝගය ලබාදුන්නේ.

පසුගිය ජුලි මස 24 වැනිදා අලුයම සිදු වූ මෙම ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 5 දෙනෙකු සැකපිට පසුගිය 31 වනදා රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබුණා.

එම සැකකරුවන් වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමටයි පොලිසිය කටයුතු කර තිබුණේ.

අදාළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව සැකකරුවන් අද සවස වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළා.

වව්නියාව බන්ධනාගාරයේ පවතින බෝවන රෝග ව්‍යාප්තිය හේතුවෙන් සැකකරුවන් අනුරාධපුර බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබෙනවා.

නිවසට ගිනි තැබීමෙන් 23 හැවිරිදි කාන්තාවක් එම ස්ථානයේදීම ජිවිතක්ෂයට පත්වු අතර, පිළිස්සුම් තුවාල ලැබූ ඇයගේ 35 හැවිරිදි සැමියා පසුගිය 26 වැනිදා යාපනයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ජිවිතක්ෂයට පත් වුණා.

අද රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූ සැකකරුවන් උපන්දින සාදය පැවති නිවසට පැමිණ නිවැසියන්ට තියුණු ආයුධවලින් පහරදී නිවැසියන් ගෙතුළට ගිය අවස්ථාවේ ගිනි තැබීමද සිදු කර තිබුණා.

සිද්ධියෙන් මියගිය යුවළගේ වයස අවුරුදු 02ක පිරිමි දරුවා, අවුරුදු 07ක හා අවුරුදු 13ක ගැහැණු දරුවන් දෙදෙනෙකු, වයස අවුරුදු 19ත් 41ත් අතර පසුවන කාන්තාවන් 04 දෙනෙකු, වයස අවුරුදු 42ක පිරිමි පුද්ගලයකු වවුනියාව රෝහලේ තවමත් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිනවා.

නිවසට ගිනි තැබීමට සහ නිවැසියන්ට පහරදීමට මුහුණු ආවරණය කරගත් කණ්ඩායමක් පැමිණෙන අයුරු දැක්වෙන CCTV දර්ශන ද පොලිසිය වෙත ලැබී තිබු අතර, ඒ ඔස්සේ සිදුකළ පරීක්ෂණ මඟිනුයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණේ.

අනියම් සම්බන්ධතාවයක ප්‍රතිඵලයක් මත ඝාතනය සිදු කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන තිබෙනවා.

එමෙන්ම සැකකරුවන් ඝාතනයට භාවිතා කළ බව කියන කඩු පහක් ඇතුළු ආයුධ තොගයක් ද වුනියාව වෛරවපුලියන්කුලම වැවේ සඟවා තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (01) සොයා ගනු ලැබුවා.

සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් වව්නියාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 20ත් 30ත් අතර වයසේ පසුවන පිරිසක්පු.

ප්‍රධාන සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර, එම සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මකයි.

ඝාතනයට අදාළ ප්‍රධාන සැකකරු සහ මියගිය සුගන්ධන් නමැත්තා කලක සිට මිතුරන්ව සිට ඇති අතර, අනතුරුව දෙදෙනා අතර විරසකයක් හටගෙන ඇති බව පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.

ප්‍රධාන සැකකරු අනතුරුව වෙනත් කණ්ඩායමකට ඝාතන කොන්ත්‍රාත්තුව භාරදී ඇති බවටයි පොලිසිය අනාවරණ කරගෙන ඇත්තේ.

වවුනියාව, තෝනික්කල් ප්‍රදේශයේ නිවසක 24 වැනිදා අලුයම ගින්නක් හටගෙන ඇති බවට වව්නියාව පොලිසියට ලැබුණු පණිවිඩයක් හරහා පොලිසිය එදින මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරනු ලැබුවා.

ගිනි ගැනීමට ලක්වූ නිවසේ පදිංචි පුද්ගලයා මුදල් පොලියට දීම සහ තවත් ව්‍යාපාර සිදු කර ඇති බව ප්‍රදේශවාසීන් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
0
+1
1
+1
7
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් නිවාස ඇමති කාලේ ඇත්තටම වුණේ මොකද්ද..?
07:12
Video thumbnail
උක් වගා බිමක හදිසියේම ඇතිවූ විශාල ගින්න
01:01
Video thumbnail
අමෙරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් වරායෙන් ආරක්ෂාව මැද රැගෙන ආ අයුරු
01:15
Video thumbnail
කොටුවේ උණුසුම් තත්ත්වයක්..පොලිස් රැකවල් කඩාගෙන යයි
00:33
Video thumbnail
අත්අඩංගුවට ගත් චරිත් සහ රඛිත අධිකරණයට රැගෙන ආ හැටි
01:25
Video thumbnail
මාදු ගගේ ඔරුවක සිට මාළු බාමින් සිටි තරුණයෙක් කිඹුලෙකු පැන එළොව යවයි
01:37
Video thumbnail
භෞත චිකිත්සකවරියගේ ඝා#නයට සම්බන්ධ සැකකරුවන් පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
01:21
Video thumbnail
කොටුවේ උණුසුම් තත්ත්වයක් - පොලිස් රැකවල් කඩාගෙන යයි.."ග#න්න අයිතියක් නැ අපිට..යන්න දෙන්න අපිට"
05:44
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.25
08:11:12
Video thumbnail
ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකුට එරෙහිව CIDයට පැමිණිල්ලක්
03:43