උත්සව සමයේ බීමත් රියදුරන් සොයන්න විශේෂ මෙහෙයුම්

අලුත් අවුරුදු උත්සව සමයේ බීමතින් රිය පදවන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා.

ඒ සඳහා විශේෂ ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව අද කියාසිටියේ.

බීමත් රියදුරන් පරීක්ෂා කිරීම සඳහා යොදා ගන්නා උපකරණ බෙදා හැරීම ආරම්භ කර ඇති බව පැවසූ ඔහු හෙට (07) වන විට සියලුම ප්‍රදේශවලට එම උපකරණ 167,000ක් බෙදා හැරීමට අපේක්ෂා කරන බව සඳහන් කළා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියේ නීතියට අනුකූලව තමන්ගේ මෙන්ම අනෙකුත් පොදු මහ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරන ලෙසයි.

මෙම උත්සව සමයේ අපරාධකරුවන් හඳුනා ගැනීම සඳහා රට පුරා මාර්ග බාධක කිහිපයක් ද ස්ථාපිත කරන බව ඔහු ප්‍රකාශ කළා.

අලුත් අවුරුදු කාලසීමාව තුළ පොලිසිය දිවා රාත්‍රී ජංගම මුර සංචාරවල නිරත වන අතර ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මුරපොලවල් ද ස්ථාපිත කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

“විශේෂයෙන්ම මෙම මාසය තුළ බීමත් රියදුරන් පරීක්ෂා කිරීම සඳහා විශේෂ ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. මේ දිනවල සියලුම ප්‍රාදේශීය පොලිස් කොට්ඨාසවලට බීමත් රියදුරන් පරීක්ෂා කිරීමේ නළ බෙදාහැරීම ආරම්භ කරලා තියෙනවා. හෙට දිනය වනවිට අපි නළ 167,000කට ආසන්න සංඛ්‍යාවක් සියලුම ප්‍රාදේශීය පොලිස් කොට්ඨාසවලට ලබාදෙනවා. උත්සව කාලයේ බීමත් රියදුරන් පරීක්ෂා කිරීම සඳහා. වැදගත් වෙන්නේ නීතිය ක්‍රියාත්මක කිරීමට වඩා ඔබ ඔබගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන්න. පොලීසිය ඔබගේ සහායට නිරන්තරයෙන් ඉන්නවා. එසේම අපරාධ කරුවන් හඳුනාගැනීම සඳහා ක්ෂණික මාර්ග බාධක ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒවා දිවයින පුරාම ක්‍රියාත්මක වනවා. ඊට අමතරව තවදුරටත් ජංගම සංචාර, පා මුර සංචාර, රාත්‍රී සංචාර වැනි සංචාර නිරන්තරයෙන්ම යොදවනවා ඔබගේ ආරක්ෂාව සඳහා. ඔබේ ආරක්ෂාවට ප්‍රමුඛතාවය දෙන්න, එහෙම නොවුනොත් උත්සව සමයේ ඔබේ වන්දනා ගමන, විනෝද ගමන වැනි සියලු දේ ඔබට ශෝකාන්තයක් බවට පත්වෙන්න පුළුවන්.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38