උඩරට දුම්රිය මාර්ගයේ බණ්ඩාරවෙල සහ හීල්ඔය අතර දුම්රිය මාර්ගයේ 162/54 වැනි සැතපුම් කණුව අසළ (04) දින අලුයම විශාල පස් කන්දක් සහ ගල් පෙරළී ඇති නිසා උඩරට දුම්රිය මාර්ගයට බාධා පැමිණ ඇති බව නානුඔය දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු පවසනවා.
දුම්රිය මාර්ගයට කඩාවැටුණු පස් සහ ගල් ඉවත් කිරිමට පැය 6ක පමණ කාලයක් ගත වන බවත්, ඒ අනුව නානුඔය සිට බදුල්ල දක්ලා ධාවනය වූ පොඩි මැණිකේ දුම්රිය බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය දක්වා පමණක් අද (04) දින ධාවනය කිරීමට සිදුවී තිබෙන බවත් එම නිලධාරියා කියා සිටිනවා.
බදුල්ල සිට නානුඔය දක්වා ධාවනය වන සියලුම දුම්රියන්, දුම්රිය මාර්ගය යථා තත්වයට පත් කරන තෙක් අද (04) දින ධාවනය නොකරන බවද එම නිලධාරියා වැඩදුරටත් ප්රකාශ කරනවා.
