ඊ.කුෂාන් ගුවන්තොටේ දී CID අත්අඩංගුවට

සංචාරක වීසා මත ඕමානයේ රැකියා සඳහා ගොස් සිටි කාන්තාවන්ට ලිංගික හිරිහැර කිරීම, මිනිස් ජාවාරම් කිරීම ඇතුළු දූෂණ චෝදනා රැසක් එල්ලවී සිටින ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තෙවන ලේකම් ලෙස කටයුතු කළ ඊ.කුෂාන් නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අද (29) අලුයම 3.57ට පමණ ඕමානයේ මස්කට් නුවර සිට කටුනායක ගුවන්තොපොළ වෙත පැමිණි යානයෙන් මොහු දිවයිනට පැමිණි බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?