ඉල්ලා අස්වන බව ශ්‍රී ලංකා පාපන්දු නායකයා කියයි

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට පනවා ඇති තහනම ඉවත් කිරීමෙන් පසු තමන් නායකත්වයෙන් ඉවත් වන බව ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ නායක සුජාන් පෙරේරා පවසනවා.

ශ්‍රී ලංකා පාපන්දු සංගමයේ සභාපතිවරයා වෙත ලිපියක් යවමින් සුජාන් චෝදනා කළේ ක්‍රීඩකයින් ආරක්ෂා කිරීමට පසුගිය සහ වත්මන් පාලනාධිකාරිය අවධානය යොමු කර නොමැති බවයි.

ක්‍රීඩකයෙකු ලෙස තමාගේ සේවය විශ්‍රාම යන තෙක් කණ්ඩායමට ලබාදෙන අතර ක්‍රීඩකයින් ආරක්ෂා කිරීමට පරිපාලනය අදාළ පියවර ගන්නේ නම් තම තීරණය පිළිබඳ යළි සලකා බලන බවයි සුජාන් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
1
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?