Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ඉරානයේ යුරේනියම් සුපෝෂණය කිරීමේ බලාගාර සම්බන්ධයෙන් පරමාණුක බලශක්ති ඒජන්සිය කනස්සල්ලෙන්

ඉරානයේ ඉස්ෆහාන් නගර පිහිටි යුරේනියම් සුපෝෂණය කිරීමේ බලාගාරය පිළිබඳව ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය වැඩි වැඩියෙන් කනස්සල්ලට පත්ව සිටීන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි

2025 ජුනි මාසයේදී එක්සත් ජනපදය එම ප්‍රදේශයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු ටෙහෙරානය විසින් ඉස්ෆහාන්හි භූගත යුරේනියම් සුපෝෂණය කිරීමේ බලාගාරයක් පරීක්ෂා කිරීමට ඉඩ නොදුන් බව ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය ප්‍රකාශ කරනවා.

ඒ අතරම, බ්‍රහස්පතින්දා සිරික්හි විදුලි සංදේශ කුළුණකට එල්ල වූ ප්‍රහාරයකට ප්‍රතිචාර වශයෙන් බහරේනයේ එක්සත් ජනපද පූර්ව අනතුරු ඇඟවීමේ රේඩාර් එකකට පහර දුන් බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය නිවේදනය කරනවා.

ඊට අමතරව හෝමූස් සමුද්‍ර සන්ධියට ඉහළින් එක්සත් ජනපද MQ-1 ප්‍රෙඩේටර් ඩ්‍රෝන යානයක් වෙඩි තබා බිම දැමූ බව ද ඉරාන නාවික හමුදාව ප්‍රකාශ කරනවා.

ගල්ෆ් මිත්‍ර පාක්ෂිකයින්ගේ ඉල්ලීම පරිදි ඉරානයට එරෙහිව තවත් ප්‍රහාර එල්ල කිරීම නවතා දැමූ බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණද, ඉහත ප්‍රහාරවලින් පැය කිහිපයකට පසු ඔහු ඉරානයට එරෙහිව නව මිලිටරි ප්‍රහාර දියත් කිරීමට පසුබට නොවන බවට අනතුරු අඟවා තිබෙනවා.