ඉන්දු – ලංකා පළමු එක්දින ගැටුමේ කාසියේ වාසිය විසඳුණු හැටි

ඉන්දිය කණ්ඩායම සමඟ පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබෙනවා.

අවිශ්ක ප්‍රනාන්දු, මිනෝද් භානුක, භානුක රාජපක්ෂ, ධනංජය ද සිල්වා, චරිත් අසලංක, දසුන් ශානක, වනිදු හසරංග, චාමික කරුණාරත්න, ඉසුරු උදාන, දුෂ්මන්ත චමීර, ලක්ෂාන් සඳකැන් යන ක්‍රීඩකයින් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරනු ලබනවා.

ඉන්දියානු කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන ක්‍රීඩකයින් වන්නේ, ශිකර් ධවාන්, ප්‍රීතිව් ෂෝ, ඉෂන් කිශාන්, මනිෂ් පාණ්ඩි, සූර්යකුමාර් යාදෙව්, හර්දික් පාණ්ඩ්‍යා, කුනල් පාණ්ඩ්‍යා, දීපක් චහාර්, බුවනේෂ්වර් කුමාර්, යුෂ්වේන්ද්‍ර චහාල්, කුල්දීප් යාදෙව් යන ක්‍රීඩකයින්.

 ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් භානුක රාජපක්ෂට ද එක්දින තරග වරම් හිමි වුණා.

එමෙන්ම ඉන්දිය කණ්ඩායම වෙනුවෙන් ඉශාන් කිෂාන් සහ සූර්යකුමාර් යාදෙව් එක්දින තරග වරම් දිනාගැනීමත් විශේෂත්වයක්.

තරගය පැවැත්වෙන්නේ, කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?