ඉන්දු චීන ආරක්ෂක අමාත්‍යවරු කලකට පසු හමු වෙයි

ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සමුළුවට සමගාමීව එම සංවිධානයේ සාමාජික රටවල ආරක්ෂක අමාත්‍යවරුන්ගේ හමුවක් පැවැත් වී තිබෙනවා.

කසකස්තානය, ඉරානය, තජිකිස්තානය සහ චීනය යන රටවල නියෝජිතයින් සහ ඉන්දීය මධ්‍යම රජයේ ආරක්ෂක අමාත්‍යවරයා අතර මෙම හමුව පැවැත්වුණු බවයි වාර්තා වන්නේ.

මෙම හමුවේදී ද්විපාර්ශ්වික ආරක්‍ෂාව සම්බන්ධ ගැටළු සහ අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන අනෙකුත් කරුණු අමාත්‍යවරුන් විසින් සාකච්ඡා කර තිබෙනවා.

ගල්වාන් ප්‍රදේශයේ දේශසීමා උල්ලංඝණය වීමෙන් පසු චීන ආරක්ෂක අමාත්‍යවරයා සංචාරයක නිරත වූ ප්‍රථම අවස්ථාව ද මෙය වනවා.

ඉන්දීය-චීන බලකායේ අණදෙන නිලධාරී මට්ටමේ රැස්වීමේ 18 වැනි වටය චීන  චුෂුල්-මෝල්ඩෝ දේශසීමා රැස්වීම් ස්ථානයේ දී පසුගියදා පවත්වා තිබුණා.

එහිදී වැඩි අවධානයක් යොමුවී තිබුණේ ඉන්දු-චීන දේශ සීමාවේ බටහිර අංශයේ භූමියේ ආරක්ෂාව සහ ස්ථාවරත්වය පවත්වා ගැනීම පිළිබඳවයි.

ෂැංහයි සහයෝගිතා සංවිධානයේ 2023 වසරේ සමුළුව ඉන්දීය  සභාපතිත්වය යටතේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.
මෙවර එහි තේමාව වී ඇත්තේ ෂැංහයි සහයෝගීතා සහයෝගීතා සංවිධානය ආරක්ෂා කරගමු යන්නයි.

ෂැංහයි සහයෝගිතා සංවිධානය යනු 2001 දී පිහිටුවන ලද අන්තර් රාජ්‍ය සංවිධානයක්.

ඉන්දියාවට අමතරව කසකස්තානය, චීනය, කිර්ගිස්තානය, පකිස්ථානය, රුසියාව, ටජිකිස්තානය සහ උස්බෙකිස්තානය යන රටවල් ඊට ඇතුළත්.

සාමාජික රටවලට අමතරව නිරීක්ෂක රටවල් දෙකක් වන බෙලරුස් සහ ඉරානය ද ෂැංහයි සහයෝගීතා සංවිධානයේ ආරක්ෂක අමාත්‍යවරුන්ගේ රැස්වීමට සහභාගී වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.21
00:00
Video thumbnail
යතුරුපැදියක ගැටී පුද්ගලයෙකු එතනම එළොව යයි.."මෙතන තමයි වැදිලා තියෙන්නේ.."
00:46
Video thumbnail
අගමැතිනියගේ පේස්බුක් පිටුවට කමෙන්ට් එකක් දාලා කෝටි 04ක් වෙන්කරගත් විදුහල්පති
07:12
Video thumbnail
බුත්තලදී ත්‍රීරෝද රථයක් - යතුරුපැදියක ගැටී සිදුවූ බිහිසුණු අනතුර
00:59
Video thumbnail
රටේ කෑල්ලක්වත් කඩන්න අපි ඉඩ දෙන්නේ නෑ..නැති ප්‍රශ්න ඇති කරලා යුද්දයක් නිර්මාණය කරන්නද හදන්නේ ?
07:01
Video thumbnail
තමන් මෙන්න අන් අයත් විනාශ කරන සයිකෝසියානු රෝගය ගැන ප්‍රබල හෙළිදරව්වක්
02:54
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.20
01:01:04
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට දුන්න සුද්දය
01:08
Video thumbnail
උසාවියට රැගෙන ආ සලේ STF ආරක්ෂාව මැද යළි රැගෙන යන හැටි
01:37
Video thumbnail
වාහන ගෙන්වීමේදී ලොකු අක්‍රමිකතාවක් වෙලා..ආණ්ඩුව බැලුවේ සීමා කරන්න
05:18