Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ඉන්දුනීසියාවේ ප්‍රබල භූකම්පනයක් – භූකම්පනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නෑ

අද (17) උදෑසන ඉන්දුනීසියාවට රික්ටර් මාපකයේ 6.6 ක භූමිකම්පාවක් සිදුව තිබෙනවා.

ඉන්දුනීසියාවේ මලුකු පළාතට ආසන්න බණ්ඩා මුහුදු ප්‍රදේශයේ මෙම ප්‍රබල භූකම්පනය සිදුව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙම භූ කම්පනය ඕස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රදේශවල ජනතාවට ද දැනී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

මේ අතර මෙම භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බව ජාතික පූර්ව සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කරනවා.